Monday, April 27, 2009

දේශප්‍රේමිත්වය,ජාතිකත්වය හා මම

පසුගිය ලිපියෙන් වැඩිය කතා නොකරේ මේ ගැන වෙනමම කිව යුතුයි මා සිතු නිසායි.මේ මම දැක්ක දේශප්‍රේමින් යයි සිතා ගන්න පිරිසක් විසින් කරන තව දෙයක් ගැන.

ඒ තමයි බොහො විට ප්‍රධාන සුළු ජාතින් දෙකට ,ඔවුන් ලංකාව පුරා පැතිරෙනවා යයි බැනීම.තව ඔවුන්ට පරිභව කිරිම.සරලවම කියනවානම් ජාතිකත්වය ඇද ගැනිම.උදාහරණ කියන්න යන්න අදහසක් නැහැ.හිතට එකඟව හිතන්න ඔබ එසේ කර නැද්ද හෝ අසා නැද්ද කියා.

හැබැයි විශේෂම දේ ප්‍රධාන ජාතිය එකට එකතු වු ජාතියන් ලෙස ක්‍රියා කරන විට( උදා:-සුනාමිය) මෙය සම්පුර්ණයෙන් වගේ නැති වෙනවා.ඒත් තනි තනි කණ්ඩායන් වු විට මේ අදහස් ක්‍රමයෙන් නැගි හිටිනවා.

මේකත් තමන්ගේ වැරැද්ද වසා ගන්න අනුන්ට බනින අවස්ථාවක් විදිහටයි මම හිතන්නේ.

පිළිගන්නවා අද අර්ථික තත්වට අනුව වඩාත් පහසු පුංචි පවුල.නමුත් එතන මම දකින කණගාටුදායක කරුණ නම් එක් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි එක දරුවෙක් කියන්නේ , එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන විට ජාතියේ සිටින පිරිස් සංඛ්‍යාව හරියටම අඩක් වීම.උදාහරණයක් කිව්වොත් 2000 කින් 1000 ක් 500 කින් 250 ලෙස පරම්පරාව සිඝ්‍රයෙන් අඩු වීම.

අපි බනින සුළු ජාතින්ගේ පවුලකට අඩුම තරමින් දරුවන් 3 දෙනෙක් වත් සිටියි.එහි බලපෑම උදාහරණයක් විදිහට ගතහොත් 1000 කින් 1500 ක් 2000 කින් 3000 ක් ලෙස විමයි.

එසේම ඔවුන් අර්ථික ගැටලු වලදි මුහුණ දිමද සැලකිය යුතු කරුණක් වේ.ඔවුන්ගේ අගමික ස්ථානයන්ගේ එක් විශේෂ නිතියක් වේ. පොසතා විසින් දුප්පතාට දුප්පත් කමින් මිදිමට උදව් කල යුතුයි(සහන පොලියට ණය දීම හෝ පොලියක් නැතිව දිම වැනි දැ).සමස්තයක් වශයෙන් මුදල් එක් කොට්ඨාශයක් අත නිෂ්චලව පවතිනවාට වඩා එය වඩාත් ක්‍රියා කාරි වෙයි.

ඇත්තටම මේ අයගේ එකම අරමුණ අනිත් සැම සත්ව වර්ගයකම ඇති අවශ්‍යතාවයක් වන තම වර්ගය බෝ කිරිමයි.එහි අපිට බැනිය හැකි කරුණක් විදිහට මට සලකන්න බැහැ.අපි ඔවුන් කරන දෙයින් සිතා ගත යුත්තේ අපි හට තරඟයක් ඔවුත් උදා කර ඇති බවයි.ස්භාවධර්මයේ නිතිය වන ප්‍රභලයා විසින් දුබලයාව ජය ගැනිම යන්න අපි හැමටම පොදුයි.එම නීතිය අනුවත් අද පවතින තත්වය අනුවත් අප හට වඩා වලංගුවන්නේ කතාවට වඩා ක්‍රියාවටයි.එනම් අපි දුබලයාද නැත්නම් ප්‍රබලායද යන්න නිවරදිවම තිරණය කරන්නේ අපගේම ක්‍රියාවන් වේ.

මම දන්න විදිහට එදා සිංහලයන් ජාතියක් හැටියට අන් ජාතින්ට ගරු කල ,විරුද්ධ වාදින්ව නිවරදිව හදුනාගන්නා කොට්ඨාෂයක් විය.දැනටත් එය ‍‍බොහො දුරට වලංගුයි.නමුත් එක වෙනසකට ඇත්තේ අද කතාවට බොහෝ විට මුලිකත්වය ලැබි ක්‍රියාව දෙවනි තැනට පත්වි තිබිමයි.

අවසාන වශයෙන් මේ ලිපියේ ඇති කරුණු වරදවා වටහා ගැනිමෙන් වලකින්න.මම ඔවුන් කරන දේ මනුෂ්‍යත්වයට අනුව වැරදි බව පිළිගනිමි.නමුත් ඔවුන් තවත් එක් සත්වකොට්ඨාශයක් නිසා නිකරුනේ ඒ දේට බැනිමට කාලය ගත නොකරමි.


(මා දැනගන්න කැමතියි කලින් සටහනේ rathutharuva ලෙස සිටින්නේ නියමම කෙනාද නැත්නම් ඒ නම භාවිතා කරන තවත් අයෙක්ද එහෙමත් නැත්නම් අලුත්ම කෙනෙක්ද කියා.නියමම කෙනානම් සමාවෙන්න අද ලොකේ හැටි නිසා මට මෙසේ අහන්න සිද්ද වුනා.)
‍‍

6 comments:

Mandy said...

බැලිම

Buddy --බඩී said...

Uba hariii...
hadanna oona lamai dusimak withra...

Narada said...

අවංකවම මේ යුද්ධයේ මුල මුයේ මෙවැනි පිරිසකගේ ක්‍රියා නිසයි. එසේ නොවන්නට- අන් ජාතින්ට ගරැ කරන්නට ඉවසා දැරැවේ නම් අද මෙන්නට මේ යුද්ධය නො තිබෙන්න තිබ්බා. මම මේක කිව්වා කියලා මට බනින්න කට්ටියක් එවි එක්කෝ, නැත්තං දේශපාලන පක්ෂයක් පිට පවරන්නත් ඉඩ තියෙවි.

අපේ රටේ සිට අය එදා හිටියේ වචනයට වඩා ක්‍රියාවෙන් අනෙක් ජාතින්ට ගරැ කිරිමයි. අද වෙලා තියෙන තත්වය ගැන මම එකගයි.දන්නවාද අපේ රටේ සිටිනා ජාතින් ගණන 32ක් බව? නම් වංශයෙන් නම් මම දන්නේ කිහිපයක් විතරයි.

Anonymous said...

මට ඉස්සර ඉඳලම තිබුනු ප්‍රශ්නයක් තමා සිංහලයා තමන්ගෙ ජාතිය ගැන කතා කිරීම.ජාතියට සැලකීම ජාතිවාදය වීමත්, දෙමල සහ මුස්ලිම් මිනිස්සු මහ ඉහලින් තමාගේ ජාතියට සැලකීම ජාතිවාදය නොවෙන්නත් හේතුව මොකද්ද කියන එක. මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ජාතීන් සහ ආගම් ඉවසන්නෙ නැති බව රහසක් නෙමෙයි. හුඟක් ද්‍රවිඩයන්ට සහ මුසල්මානුවන්ට අයිති ව්‍යාපාර ස්ථානවලට සිංහල අයව බඳව ගන්නෙ නැහැ. පැහැදිලි කරල දෙන්න එතකොට මේ 'ජාතිවාදය' නෙමෙයිද?

Anonymous said...

(මා දැනගන්න කැමතියි කලින් සටහනේ rathutharuva ලෙස සිටින්නේ නියමම කෙනාද නැත්නම් ඒ නම භාවිතා කරන තවත් අයෙක්ද එහෙමත් නැත්නම් අලුත්ම කෙනෙක්ද කියා.නියමම කෙනානම් සමාවෙන්න අද ලොකේ හැටි නිසා මට මෙසේ අහන්න සිද්ද වුනා.) - සමාවෙන්න, දැනුයි මේ කොටස දැක්කෙ..මම ලියපු "මේ කොඩිය යටට එන්න" ලොකු සංවාදයක් ඇතිකරලා හැඩයි. ඒ ගැන හුඟක් සතුටුයි.

VBmaster said...

මධු වීරකෝන - ස්තුතියි.
Krishan - ස්තුතියි, නියමයි.
-බිன்ku- - ස්තුතියි. වැරදි විදිහට බැන්නොත් බනින්නාට මුන බලන කණ්නාඩියක් අල්ලන්න
rathutharuva -ආ,නියමම කෙනා නේ.ස්තුතියි.ඔබතුමියගේ ප්‍රශ්නය ඊලඟ ලිපියෙන් මට එක තේරෙන විදිහට පැහැදිලි කරන්නම් හරිනේ.("මේ කොඩිය යටට එන්න" නිසා තමයි මම අර වගේ ප්‍රශ්නයක් අහුවේ.කවුරු හරි ඒ තරහට මේ නම යොදා ගන්නවාදැයි සැක හිතුණා.)

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්