Thursday, April 23, 2009

ආදරය , මිත්‍රත්වය හා මම

ලොකේ ඉන්න ඕනි කෙනෙක් අත් විදින දෙයක් තමා මිත්‍රත්වය හා ආදරය කියන්නේ.ඒ වගේම අපි මිත්‍රත්වට තව අවස්ථා වලට බෙදාගෙන තියෙනවා.හොදම යාළුවා ,අතේ දුරින් ඉන්න මිතුරා , එදිනෙදා හමුවන මිතුරා.කලාතුරකින් හමුවන මිතුරා.හැබැයි අපි ඔය එක එක අවස්ථා වලදි හැසිරෙන්නේ විවිධ විදිහට.

දැන් මම කියන්න යන්නේ ආදරයක්/මිත්‍රත්වයක් පටන් ගන්න විදිය ගැන නෙවෙයි.පටන් ගත්ත එක දිගටම තියාගැනිමට අවශ්‍ය යැයි මම හිතන දෙවල් වගයක්.ඔව්, මම දන්නවා ඔබ දැන් හිතන්නේ, ඔ‍බේ මිතුරන් තරහා වෙලා නැහැ ,අදරවන්තයා හො වන්තිය තරහා වෙලා නැහැ කියලානේ.ඒ ගොඩක් වෙලාවට , තවම අවශ්‍ය අවස්ථාවන් උදා වෙලා නැති නිසා වෙන්න පුළුවන් නිසා.

මිත්‍රත්වය හො අදරය පැවතිමට බල පාන කරුණු හතරක් තියෙනවා.(මම හිතන විදිහට)

1. ඔබ මිතුරව ඔබේ මිත්‍රයෙක් කියලා සලකන්න ඕනි.
2. මිතුරා ඔබව ඔහුගේ මිත්‍රයෙක් කියලා සලකන්ක ඕනි.
3. ඔබ ඔබේ මිතුරට මිත්‍රයෙක් විය යුතුයි.
4. මිතුරා ඔබට මිත්‍රයෙක් විය යුතුයි.

මේ වගෙම තමා ආදරයෙදිත් ,

5. ආදරවන්තිය, තම ආදරවන්තයා තමාට ආදරය කරන බව සිතිය යුතුයි.
6. ආදරවන්තයා,තම ආදරවන්තිය තමාට ආදරය කරන බව සිතිය යුතුයි.
7. ආදරවන්තයා, ආදරවන්තියට ආදරය කරන්න ඕනි.
8. ආදරවන්තිය, ආදරවන්තයාට ආදරය කරන්න ඕනි.


දැන් ඔය 1 හා 4 හො 2 හා 3 අවස්ථාවත් පැවතුනොත් මිත්‍රත්වය පවතිනවා එක අවස්ථාවක් එනකම්.ඊට පස්සේ ඒක කැ‍ඩෙන්න පුළුවන්. ඒක මම උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

සමන් කියලා කෙනෙකුයි නිමල් කියලා කෙනෙකුයි ඉන්නවා.

සමන් බලාපොරොත්තු වෙනවා නිමල් එයාගේ හොදම මිතුරා කියලා.නිමල් හැම විටම සමන්ට හොද මිතුරෙක් වෙන්න උත්සහා කරනවා.දැන් මේක මිත්‍රත්වයක් විදිහට පවතිනවා.

සමන් මිත්‍රත්වය බලාපොරොත්තු වෙනවා විතරයි,ඒත් සමන් නිමල්ට හොද මිතුරෙක් වෙන්න උත්සහා කරන්නේ නැහැ.
දැන් නිමල් සමන්ගෙන් මිත්‍රත්වය බලාපොරොත්තු වෙනවා.ඒත් නිමල්ට සමන්ගේ මිත්‍රත්වය ලැබෙන්නෙ නැහැනේ. එතකොට දෙදෙනා අතර මිතු දම කැඩෙනවා.

ඇත්තටම ඒ කියන්නේ නිමල් මිත්‍රත්වට බලාපොරොත්තු නොවෙනකම් දෙදෙනා අතර මිතු දමක් පවතිනවා.

අද දවසේ ඇත්තටම මෙවැනි අවස්ථා බොහෝ විට පවතිනවා.මේ දේම අද දවසේ බොහෝ ආදර වන්ති/වන්තයො අතරත් පවතිනවා.

මේ දේ එදිනෙදා ජිවිතයෙදි නොතේරෙන්නේ, එක් අයෙක් හැම විටම වගේ පරිත්‍යාග කරන(3 හෝ 4) අතර අනෙකා ඒ දෙ ලබා ගැනිම(1 හෝ 2) කරයි.පරිත්‍යාග කරන්නා අනෙකාගෙන් යමක් තමාට පරිත්‍යාග කරන්න යැයි පැවසු වි‍ට දෙදෙනා අතර බොහො විට විරසක වීම් ඇති වෙනවා.ඔයිනුත් සමහර විට පරිත්‍යාග කරන්නා අනෙකාගේ පරිත්‍යාගය එපා යැයි කියන පරිත්‍යාගය කරන නිසා බැදිම සුරැකෙනවා.

මිතුදමේ හො ආදරයේ හො ඒ අවස්ථාවන් හතරම ක්‍රියාත්මක කලහොත් දීර්ඝ කාලීන සමිබන්දයක් පවත්වා ගන්න පුළුවන් වේවි යන්න මගේ විශ්වාසයයි.

අවසානයේ ටිකක් හිතන්න ,ඹබ අර මිතුදම හො ආදරය පමණක් බලාපොරොත්තු වෙන කෙනෙක්ද නැත්නම් බලාපොරොත්තු වෙන ගමන් අනෙකාගේ බලාපොරොත්තුව ඉටු කරන අයෙක්ද කියලා.

(මේක ලියන්න හේතුවනම්,යම් සමාජයක් දියුණු විය යුතු නම් අනිවාර්යයෙන්ම එහි සිටින බොරු මිතුරන් පුළුවන් තරම් අඩු ප්‍රතිශතයක්ව සිටිය යුතුයි)








4 comments:

Narada said...

ආදරය ගැන සීන් එකේ පොඩි හිල් වගේ. ආදරය කියන්නේ ඒ අතින් වෙනස් එකක් වගේනේ. හරි නම් කියන්න ඕනේ ආදර සම්බන්ධතා කියලා නේද?

RanDil said...

බැලීමි

කුමාර සෙනෙවිරත්න said...

බින්කු අාදරයයි අාදර මබදතාවයි නම් මිතුරුකමයි මිතුරු සබදතාවයි කියල කියන්න නැත්නම් ඒක පාක්ෂිකයි වගෙ.

VBmaster said...

බිණ්කු - ඔබ අදහස් කරදේ හරියටම පැහැදිලි නැහැ.
රන්දි - ම් මට බය නැහැ නේද , ස්තුතියි.
කුමාර - ස්තුතියි.

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්