Thursday, May 7, 2009

‍අඩුම මුදලට කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපැල්

සමාවෙන්න, ඇති වු වැදගත් ගැටළුවක් හේතුවෙන් ඉවත් කිරිමට සිදුවුනා.

Tuesday, May 5, 2009

ජාතිද්‍රොහින්, ඇඟිල්ල හා මම


මේ ජිවිතයේදි කී දෙනෙකුට අපි මූ ජාතිද්‍රොහියෙක් කියා හෝ සිතා ඇත්ද?ඒත් අපි අනෙකුට ඇඟිල්ලක් දික් කරන හැම වෙලාව අපි දෙසට ඇඟිලි තුනක්ම හැරි ඇති බව අමතක කරලා නේද ?

මැදඟිල්ල
අපි වැඩි පුරම ලැජ්ජා වෙන්නේ සිංහල ව්‍යාකරණ හෝ අක්ෂරවින්‍යාසය වැරදුනොත්ද නැත්නම් ඉංග්‍රිසි ව්‍යාකරණයක් හෝ එහි වචනයකට අකුරු දන්නැත්නම්ද?උදා පන්තියේදි මූණ හංගගන්නේ airplane බැරිවුනොත්ද නැත්නම් පිපිඤ්ඤා ලියා ගන්න බැරිවුනොත්ද?

ඒ කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්න මව් භාෂාව වැරදුනාට ලැජ්ජාවක් ඇතිවෙන්නේ නැහැ ඒත් කෙටි කාලයක් ඉගෙන ගන්ත දෙවනි බසක සිදුවන වැරැද්ද මහා ලොකුවට හිතනවා නේද?

පාසල් කාලයේදි සිංහල හා ඉංග්‍රිසි භාෂාව එදිනෙදා භාවිතයට ගත හැකි වන තෙක් උගන්වයි.නමුත් පාසල් කාලයෙන් පසු තවදුරටත් ඉගෙනීම සද‍හා ඉංග්‍රිසි පංති වලට යන අතර කවදාවත් දැක තියෙනවාද සිංහල පන්තියකට යන අයෙක්ව.අඩුම තරමේ තමන් විසින්වත් ඉගෙන ගන්නා අවස්ථාවක් නැත්නම් අවශ්‍යතාවයක් වත් ඇති අයෙක්ව.ඒ කියන්නේ අද සිංහල භාෂාව ඒතරම්ම නොවැදගත්ද?

වෙදඟිල්ල

යහළුවන් සමග කතා කරන කොට මිශ්‍ර සිංහල භාවිතා නොකොට සමාන්‍ය සිංහල භාවිතා කිරිමට තරම් ශක්තියක් නැති කම , ඔවුන් තමාව මොඩයෙක් යැයි සිතාවි යි සිතිම හෝ සමාන්‍ය සිංහල භාවිතාව අමාරුයැයි කීම.

  1. "මචං මම ඊයේ අරුත් එක්ක ටෙක්ස් චැට් කරා , ඌ මාර ෆිට් පොර බං."
  2. "යාළුවා මම ඊයේ අරුත් එක්ක පෙළ සල්ලාපයේ යෙදුනා ,ඌ මාර යෝග්‍ය කෙනෙක් බං"

ඉහත වාක්‍ය දෙකෙන් කියවු ගමන් හිනා ගියේ මොන වාක්‍යයටද , නිකම්වත් හිතුනද ඒ හිනා වුනේ තමන්ගේම භාෂාවට බව ,නැත්නම් ඒ කියන්නේ අපි සිංහල භාෂාව මොඩ භාෂාවක් කියලා අපිම නොදැනුවත්වම හිතන් ඉන්න බවද?නැත්නම් ඇත්තටම සිංහල භාෂාව නුතනයට සුදුසු නැද්ද?

ඇත්තටම කවදාවත්ම උත්සහා කරාද ,මිශ්‍ර සිංහල භාවිතා නොකොට සමාන්‍ය සිංහල භාවිතා කරන්න.

බය වෙන්න එපා, කම්මැලි කම වැඩි නිසාම හෝ ලැජ්ජාව වැඩි නිසා හෝ අපි ඉස්සරහටත් මිශ්‍ර සිංහල භාවිත කරාවි.වැඩි කල් යන්නට පෙර "මම ගෙදර යනවා" කියන එකත් අභාවයට ගිහින් "අයි හෝම් ගෝ"(I home go) යයි කියාවි හික් හික් .

ගණන් කරාද දවසකට සිංහල භාවිතයක් සමග නොදැනුවත්වම භාවිත කරන ඉංග්‍රිසි වචන ප්‍රමාණය.නිකන් ඉන්න වෙලාවක ගණන් කරලා බලන්න.එතකොට තේරෙවි

සුලඟිල්ල

දේශප්‍රෙමයෙන් හො ජාතිප්‍රෙමයෙන් ක්‍රියාත්මක වන තවත් අයෙක් ව ඔබේ රිතින්වලට අනුකුලව කටයුතු නොකරන විට කවදාවත් ‍ඔහුගැන හොදක් හිතන්න පුළුවන් වුනාද? නැත්නම් ඔහු කරන්නේ වැරැද්දක් යැයි දැනුනු විට ,දන්න නරකම වචන වලින් බැන නොවැදි හො හිත පැරෙන වචන භාවිතා නොකොට එය වැරැද්දක් විදිහට හරියට පෙන්වා දි ඉන් මුදවා ගන්න උත්සහා කරාද ?

ඒ කියන්නේ සිංහලයන් සිංහලයන් අතර පවතින බැදිම සහොදර බැදිම හෝ වැඩිහිටියන් පොඩි ළමුන් කෙරෙහි පවතින බැදිමට වඩා ඉතාමත්ම අඩු වු වහා බිදෙන සුළු බැදිමක්ද ?

වැරැද්දක් පෙන්වා දුන් විට එය නිවරදි කරගැනිමට හෝ වැරැද්දක් දුටු විට එය නිවරදිව පහදා දිමට තරම් වත් අපි බුද්ධිමතුන් නොවේද?


ඇත්තටම මේ වැරදි අපි හදාගත යුතුද ? අපො නැහැ, කලයුත්තේ සුපුරුදු පරිදි ඔය වැරදි කරගෙන යන එක.අපි අපේ වැරදි දැක්කත් ඒවා සාදා නොගැනිමට තරම් දියුණු ජාතියක්ව සිටි.අපි ඔය වැරදි හදාගත්තොත් අහාපහු නොදියුණු ජාතියක් වේවි.

සමහර විට මේක කියවන විට හදාගන්න ඕනි යැයි සිතේවි ,ඒත් බය වෙන්න එපා දවසකින් දෙකකින් ඕක අමතක වෙලා යවි.ඉතින් සුපුරුදු පරිදි අනුන්ට ඇඟිල්ල දික් කරන්න.තමත් දෙසට ඇත් ඇඟිලි තුන අමතක කරන්න(දැන් පුළුවන්නම් ඇඟිලි පහම දික් කරන්න,එතකොට තමන් දිහාවට ඇඟිලි නැහැනේ).

අපි කවදාවත්ම මේ වැරදි හදාගන්නේ නැති වේවි.

බොරු නම් තව දවස් දෙකකට පස්සේ එදා දවසේ කතා කල දැ හා කල දැ සිතා බලන්න.

ඉතින් අනාගත ජාතිප්‍රෙමි සිංහල ජාතියට මගෙන් හද පිරි සුභ පැතුම් !