Tuesday, April 28, 2009

ජාතිවාදය,ජාත්‍යාලය හා මම

මේ කෙනෙක් ඇසු ප්‍රශ්නයක්

මට ඉස්සර ඉඳලම තිබුනු ප්‍රශ්නයක් තමා සිංහලයා තමන්ගෙ ජාතිය ගැන කතා කිරීම.ජාතියට සැලකීම ජාතිවාදය වීමත්, දෙමල සහ මුස්ලිම් මිනිස්සු මහ ඉහලින් තමාගේ ජාතියට සැලකීම ජාතිවාදය නොවෙන්නත් හේතුව මොකද්ද කියන එක. මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ජාතීන් සහ ආගම් ඉවසන්නෙ නැති බව රහසක් නෙමෙයි. හුඟක් ද්‍රවිඩයන්ට සහ මුසල්මානුවන්ට අයිති ව්‍යාපාර ස්ථානවලට සිංහල අයව බඳව ගන්නෙ නැහැ. පැහැදිලි කරල දෙන්න එතකොට මේ 'ජාතිවාදය' නෙමෙයිද?


ප්‍රශ්නයට මා ලබා දෙන පිළිතුර.


මම ජාතිය ගැන කතා කිරිම හා ජාතියට සැලකිම කිසිසේත්ම වරදක් විදිහට සලකන්නේ නැහැ.ලිපිය හරියටම කියෙව්වනම් මමත් ජාතිය ගැන එක අවස්ථාවක කතා කරලා තියෙනවා.කෙසේ වෙතත් මම කලින් ලිපියේ කියලා තියෙන්නේ ජාතිකත්වය ඇද ගැනිමක් ගැන.


"මු දෙමලෙක් ,ඒ නිසා මම මූත් එක්ක කතා කරන්නේ නැහැ"
මේ ප්‍රකාශය ජාතිකත්වය ඇද ගෙන කියු දෙයක් වේ.


"දෙමළුන් කියන්නේ මහා ජරාම ජාතියක් ,උන්ව තියන්න හොද නැහැ මරලම දාන්න ඕනි."

මේ ප්‍රකාශය ජාතිවාදි ප්‍රකාශයක් වේ

  1. ජාතිවාදය කියන්නේ යම් යම් ජාතින් අතර අසමගිය ඇති කිරිමක් වේ.
  2. දේශානුරාගය යනු තම දේශය කෙරෙහි පවතින කැමැත්තයි.
  3. ජාත්‍යාලය යනු තම ජාතියට ඇති බැදිම හා කැමැත්ත.
  4. ජාතිමමත්වට යනු තම ජාතිය අන් ජාතීන්ට වඩා උසස් බව සිතිමයි.

nationalism යන වචනයට සිංහල තේරුම දි ඇති විට ඉහත කරණු හතරම ඇතුලත් කර තිබේ.නමුත් සිංහල තේරුම අනුව මේවා සම්පුර්ණයෙන් එකිනෙකට වෙනස් වු කරුණු හතරකි.අඩුම තරමේ දේශානුරාගය සහා ජාත්‍යාලයවත් සුළු වශයෙන් වත් සමාන නොවේ.


ඒ ගැන උදාහරණයක් දුන්නොත් එකම ජාතියක් රටවල් දෙකක හිටියොත් හා ඒ රටවල් එකිනෙකා සටන් කරතොත් එයට හේතුව ලෙස කෙසෙවත්
ජාත්‍යාලය ගත නොහැකි අතර දේශානුරාගය තරමක් දුරට සලකා බැලිය හැකියි.


ඉහත් කරුණු හතරෙන් දේශානුරාගය හා ජාත්‍යාලය තුල කිසිදු වරදක් මම දකින්නේ නැහැ.හේතුව එමගින් බලෙන් කාහටවත් වරදක් කරන්න සිදුනොවන නිසා.ජාතිමමත්වට මා 50% කැමති.එයට හේතුව තම ජාතිය ගැන තමන් ආඩම්බර විය යුතුයි.50% අකමැති වන්නේ , එය වැඩි උවහොත් අන් ජාතින්ට කරදර කරන්නට තමා තුලින්ම මානසික බලපැමක් ඇති වන නිසා.


ජාතිවාදයට මා සම්පුර්ණයෙන්ම එකඟනොවේ.


බොහෝ මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ජාතීන් සහ ආගම් ඉවසන්නෙ නැති බව ඔවුන්ගේ සමහර ක්‍රියාවන් නිසා සිතාගත හැකියි.එසෙම කලින් ලිපියේ පරිදි මුස්ලිම් ප්‍රජාව වුවත් කරන්නේ තම පැවත්ම ලොව තුල ස්ථිර කර ගැනිමට උත්සහා කිරිමයි.ඒ තුලදි ඔවුත් ජාතිවාදයත් යම් තරමකට පාවිච්චි කරනු ලබයි.එහිදි ඔවුන් කරන ක්‍රියාවන් මත අප ජාතියට හානියක් වන්නේනම් ජාත්‍යාලය නිසා එය ඔවුන්ට වරදක් කරන බව තෙරුම් කර දිය යුතුයි.නැත්නම් එයට එරෙහිව සමස්තයක් වශයෙන් ගත් කල වැරදි නොවන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.හැබැයි ජාත්‍යාලය මත ක්‍රියාකර එයට අදාල කරුණු වලින් ජය ගත් පසු එය අවසන් කල යුතුයි.නැතුව ඉන් පසු අනිත් ජාතිය මැඩ පැවත්විමට උත්සහා ‍කරන්නේ නම් එවිට අපි වරද කරන පිරිස වේ.



ඒ වගේම මුස්ලිම් ප්‍රජාව තුලත් අන් ජාතින්ට ගරු කරන පුද්ගලයන් සිටි.උදාහරණයක් ලෙස එක්තරා ශ්‍රිලාංකිය ජාල අඩවියක පැවැත්වු සිංහල දිනයකට මුල් පියවර තැබුවේ මම දන්නා විදිහට මුස්ලිම් තරුණයෙක්.


මුස්ලිම් හා ‍දමිල ව්‍යාපාර ස්ථානයන්ට සිංහලයක් නොගැනිමට හේතු කිහිපයක් පවති.


  • කලයකට පෙර එක් අවස්ථාවක සිංහලයන් සුළු ජාතින්ව තනි කරනු ලැබු නිසා තවමත් ඔවුත් සිංහලයන් ගැන වෛරයෙන් පසු වීම.
  • ඒ කාලයේ සිටම අන්‍යජාතික ව්‍යාපාර ස්ථානයන්ගේ සේවය කල සිංහලයන් නිවරදිව වැඩ නොකිරිම හා ලද හැකි අවස්ථාවන් වලදී ඒ ස්ථාන වලින් හොරකම් කිරිම.ඒ නිසා සුළුජාතින් තාමත් සිංහලයන්ව විශ්වාස නොකිරිම.
  • ඔවුන්ගේ ව්‍යාපර ස්ථානයන්ට වැඩිපුරම පැමිණෙන්නේ සුළු ජාතින් විම නිසා ඒ සුළු ජාතින් අනුව සිංහලයන්ට හොද පරිභොගික සේවයක් ලබා දිමට නොහැකි විම.හේතු අවශ්‍ය වන්නේ නැහැනේ ඒ සම්බන්දව.
  • ජාතිවාදය කෙසේ වෙතත් ජාතිමමත්වයක් ඇති කර ගැනිමට ඔවුන් උත්සහා කිරිම.


අවසාන කරුණ නම් වැරදි බව පිළිගන්නා අතර අනිත් කරුණු අප විසින්ම ඇති කර ගන් ඒවා වේ.සිංහලයන් ගැන ඇති මතය ඔවුන්ට වෙනස් කරගන්න කියනවාට වඩා අපි එලෙස නොවන බව පෙන්වා දිය යුතුයි.ඔවුන් තුල ක්‍රමයෙන් අප පිළිබද විශ්වාසයක් ඇති කල යුතුයි.සතුටට කරුණ මේ වන විට එය තරමක් දුරට ක්‍රියත්මක වෙමින් පවති.



අන් පුද්ගලයන්ගේ වැරදි කියනවාට වඩා අපි විසින් කල යුත්තේ අප හට ඇති අනතුර හා තර්ජන හදුනාගෙන ඒවා අප මත ක්‍රියාකිරිමට හේතු වන අපගේ දුර්වල කම් නැති කරගැනිමයි.එහිදි හොදම විසදුමට වඩා හොදම හා නිවරදිම විසදුම ගැනිම කලයුතුයි.මොකද හොදම විසදුමේ සමහර විට වැරදි අවස්ථා පැවතිය හැකි නිසා.එවිට අපි හට නවීන ලොකයේ ජාතියක් විදිහට තව දිර්ඝ කාලයක් පැවතිය හැකිවේවි.


ලබා දුන් පිළිතුර නිවරදිමදැයි නොදනිමි.වරදක් ඇත්නම් පෙන්වා දෙන ලෙස ප්‍රශ්නය ඇසු කෙනාගෙන් සේම අනිත් අයගෙනුත් ඉල්ලා සිටිමි.





2 comments:

Anonymous said...

සමහර කරුනු එක්ක එකඟ වෙන්න බැරි උනත් 'ඒ කාලයේ සිටම අන්‍යජාතික ව්‍යාපාර ස්ථානයන්ගේ සේවය කල සිංහලයන් නිවරදිව වැඩ නොකිරිම හා ලද හැකි අවස්ථාවන් වලදී ඒ ස්ථාන වලින් හොරකම් කිරිම.ඒ නිසා සුළුජාතින් තාමත් සිංහලයන්ව විශ්වාස නොකිරිම.' යන කාරනාවෙ යම් සත්‍යක් තියෙනව.කෙසේ වෙතත් අපේ රටේ සාමය,සමගිය සහ සහජීවනය විනාශ කිරීම ගැන අපිට දැන් වැදි බන දෙසාබාන බිරිතානියන් සහ බලයට කෑදර උන සිංහල, දෙමල සහ මුස්ලිම් දේශපාලඥයන් බව පිලිගත හැකි සත්‍යයක්. සිංහළයා පමනක් නොව අනිකුත් සියළු ජාතීන්ද තම තමන්ගේ ආගමට ජාතියට සේම අන් අයගේ ආගමට ජාතියටද මතවලටද එක සේ ගරු කල යුතු වේ. බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඒ ඉඩම් වල තම වර්ගයට අයත් ජාතින් අතර බෙදා දීම, බුද්ධාගමට ගැරහීම වැනි කටයුතුවලට ඔවුන් නැවතීමේ තිත තැබිය යුතුයි.
(දිග වැඩියි වගේ නේද?)අපි වාද කර කර සිටීමෙන් ඵලක් නැහැ.

VBmaster said...

rathutharuva ස්තුතියි,හ්ම් පැය 3 1/2 ක මහන්සිය අපතේ ගිහිල්ලා නැහැ."අපි වාද කර කර සිටීමෙන් ඵලක් නැහැ" මේක තේරුනානේ.ඇත්තටම වාද කිරිමෙන් පලක් නැහැ.වෙන්නේ කාලය නාස්ති විම පමණයි.කල යුත්තේ ක්‍රියා කිරිමයි.එයයි මම අනිත් අයට කියන්න උත්සහා කරන්නේ(ක්‍රියා කරන්නන් ඉන්නේ හරිම පොඩිඩයි. අනිත් අය වාද කර කර තරහා වෙනවා.ඒක හරිම සරල සැලැස්මක්ලුනේ)

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්