Wednesday, April 15, 2009

සිංහල භාෂාව,ලංකා ඉතිහාසය හා මම

ප්‍රතමයෙන් කිය යුතු ව ඇත්තේ , මම උසස් පෙළට විද්‍යා විශය තෝරා ගත් අයෙක් බව.මේ මම සිංහල භාෂාව ගැන මම හිතන දේයි.

සිංහල භාෂාව,ලංකාව තුල අතීතයේ සිටම භාවිත වු ප්‍රධාන භාෂාවක් වෙයි.මම දන්නා විදිහටනම් ඉංග්‍රිසි භාෂාව එහි මුල්ම අවධියේ පවතින විට,ලංකාවේ උසස් ලේඛන රිතීයක් පැවතීය.ඉතාමත්ව සරලව කියනවානම්, ඉංග්‍රිසින් කතා කිරිමට භාෂාවක් සොයන විට , ‍අපේ රජවරු වෙද පොත් ලීවු අතර , දීර්ඝ කාලයක් පැවතිය යුතු සටහන් සෙල් ලිපි ලෙසද , සටහන් කිරීමට සමත් විය.එකල පැවති විවිධ වු විශයන්ට අනුව, සිංහල භාෂාව කිසිදු අසරණ කමකින් තොරව නව වචන නිර්මාණය කිරිමටද , එවාට අදාල වු අදහස් ඉතා උසස් හා අසන්නාට පහසු ලෙස දැක්විමට සමත් කම් දැක්විය.

නමුත් කලයාගේ ඈවෑමෙන් , ඇති වු සිංහලයන්ගේ පරාධීනත්වයත් (මෙය සිංහලයේ අවසාන රජු හෙවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගෙන් පසු ඇති වු පරාධීනත්වය, එතුමා ලංකාවේ අවසාන රජු නොවේ) හා පසුව අපරදිගට ඇති වු ගැති බවත් හේතුවෙන්,උසස් සිංහල භාෂාවත් , සිංහල සංස්කෘතියත් පෙරිමකට භාජනය විමෙන් පසු පරම්පරාවන්ට ලැබිනි, එනම් සිංහල ‍බසේ මුලින් තිබු ප්‍රමාණයෙන් 50% ක් පමණ ඊලග පරම්පරාවට(1948 සිටි පරම්පරාව) ලැබිනි.එයින් පසු අද තෙක් ඇති වු විවිධ නායකත්වයන්ට සිංහල බස ගැන විශාල කැක්කුමක් ඇති නොවු බව ‍පැහැදිලිව පෙනේ.‍එලෙසම සිංහල බස ගැන ‍ කැක්කුමක් ඇති වු සියළුම අය නිෂ්ශබ්ද කිරිමේ කුමන්ත්‍රනද පහසුවෙන් කෙරි ගියේය.

අවසානයේ ඒ සියල්ලෙන්ම , අනගි ඵලයක් ලෙස සිංහල භාෂාව 10% තෙක් පිරිහි ගොස් ඇති අතර , ඊටත් වඩා සතුටට කාරණාවනම් , ඔබත් මාත් එදිනෙදා පාවිච්චි කරන්නේ සිංහල භාෂාවෙන් 6% ක් පමණ වීමයි.

අද සිංහල භාෂාව කෙතරම් දුරටත් අසරණ වීද යත් , පිටතින් එන ඕනැම වචනයක් ඉතාමත් පහසුවෙන් සිංහල වචනයක් බවට පත් කර ගනි.

බ්ලොගයක් , වෙබ් පේජයක්, රේඩියොවක් , ටීවී එක, පෙන් එක .........

මින් සමහරකට සිංහලේ භාවිත වචන ඇති අතර , සමහරකට නම් සිංහල වචන නිර්මාණය කල යුතුයි.නව වචනයක් නිර්මාණය ‍බොහෝ විට බොහෝ අමාරු කටයුත්තක් වී ඇති අතර , සැදුවත් භාවිත කිරිමට අපහසු යයි සිතේ.එයට ප්‍රධානම හේතුවනම් ,අප ඉතාමත් කැමැත්තේන් එදිනේදා ජිවිතයේදි ශුද්ධ සිංහල භාවිත කිරිමෙන් ඉවත්ව මිශ්‍ර සිංහල භාවිත කිරිමයි(ඒත්, මික්ස් සිංහල කොච්චර ඊසිද , මෙයාට පාගල්).

මී වදයක සිටින මි මැසි පරම්පරවක් , බාල වු , විවිධ වු විස හෝ ජරාව එකතු වු මී පැණි භාවිත කරන්නේනම්, ඒ පරම්පරාව යම් තරමකට පරිහානියකට පත් වෙයි.ඔවුන්ගෙන් ඇති වන දෙවන පරම්පරාව පළමු පරම්පරාවට වඩ දුර්වල නිසා වඩා පරිහනියකට පත් වෙයි. අවසායේ ඉක්මනින්ම මුළු මී වදයම විනාස වේ.

මී වදය = සිංහල ජාතියනම්
බාල වු , විවිධ වු විස හෝ ජරාව එකතු වු මී පැණි = මිශ්‍ර වු ,නිවරදි භාෂා රිතියක් භාවිත නොකරන සිංහල බස වේ

මා දන්නා විදිහටනම්, අතීතයේ ලංකාවට ඉතා ඉහල යුද බලයක් තිබු අතර සිංහලයන් සැහෙන රණ කාමින් විය.උදාහරණයක් ලෙස ඉංග්‍රිසිත් අපරදිග යටත් විජිත කර ගත් සියලුම රටවල් යටත් වුයේ යුධ ශක්තියෙන් පරාජ කිරිමෙනි, නමුත් ලංකාව පමණක් යුධ ශක්තියෙන් බැරි වු නිසා කූට උපක්ක්‍රමයක් (ගිවිසුම) මගින් ජය ගැනිම.පසුව ජාතියක් ලෙස නැගි සිටියහෝ ඉතා දරුණු අනතුරක් වන නිසා,මතු අරක්ෂාව උදෙසා ජාතිය ඇතුලත විවිධ ගැටලු ඇති කර , ජාතියක් ලෙස දුර්වල කිරිමට උත්සහා කිරිය.(මම නම් හිතන්නේ නම් ,ඔවුන් එය සාර්ථක කර ගත්තා)


මේ ලිපියට අවසාන වශයෙන් ,


1. "මට හිතුනා බල ප්රදේශ නමක් මිල දි ගන්න"
2. "ජාල අඩවියක් සැදිමෙදි උදව් අවශ්යනම් ලබා ගන්නේ කොහොමද?."
3. " ලිනක්ස් ක්රමලේඛන විද්යුත් පොතක් හොයා ගතිමි.
4. "මෙය මාගේ ප්‍රතම ජාල ලඝු සටහනයි."
5. මට හිතුනා ඩොමේන් නේම් එකක් ගන්න.
6. වෙබ් සයිට් එකකට හෙල්ප් ගන්නේ කොහොමද?
7. ලිනක්ස් ‍ප්‍රොග්‍රැමින් ඊ-බුක් එකක් හොයා ගත්තා.
8. මෙක මගේ ප්‍රතම බ්ලොග් එකයි.

හික් , මට පිස්සු නේ ?


මාගේ වැරැද්දක් ඇත්නම් , ආසයි ඒක දැන ගන්න

6 comments:

සරත් ගුණතුංග said...

සත්තකින්ම ඔබට කිසිම පිස්සුවක් නොමැත. ඇත්තේ ඉතාමත්ම කාලෝචිත ප්‍රගතිශීලී අදහසකි. පරිගණක පිලිබඳ අධ්‍යාපන කටයුතු කෙරීගෙන ගියත් අපේ සිංහල භාෂාව ගැන සොයා බැලීමට ඉදිරිපත් වන්නෝ ඉතාමත් අල්පය. අපේ භාෂාව ගරා වැටී ඇත්තේ නවීන අධ්‍යාපනඥයින් නිසාය. ඔවුන්ට අක්ෂර වින්‍යාසය පවා අපහසුය. මේ සංසදයේ සිටිනා භවතුන් එකතුව සමුළුවක් සාදා සිංහල වචන නිර්මාණය කිරීම ඇරඹිය යුත් බව මගේ අදහසයි.

Narada said...

කාලෝචිත අදහසක් නොවැ කියලා තියෙන්නේ! ඇත්තෙන්ම විය යුත්තේ එය තමා නමුන් දිවට හසුරැවන්න පහසුත් විය යුතුයි මන්ද මේ කි්‍රයාවලියේදී එතරම් උගත් නොවන ජනයාටත් පොදු විය යුතු නිසා. මේ ගැන පෝසට් එකකින් දෙකකින් කල නොහැක්කක් සේම බොහෝ අප්‍රවාද බැණුම් ඇසිමටත් සිදුවිය හැකියි. විද්‍යා විෂයේදී ගණිත වීෂයේදී වාණිජ විෂයේදී ඒ ඒ වීෂ්‍ය කේ්‍රෂත්‍ර වලට වචන තැනුවත් (උදාහරණ ලෙස ත්‍රිකෝණමිතිය ගිණුම්කරණය කලංකය වැනි වචන) පරිගණක ක්‍රේෂත්‍රය තවම තිබෙන්නේ පසුගාමී ගමනක්.

Narada said...

වචන සත්‍යානය හෙවත් word verification අයින් කළ හැකි නම් මැනැවි.

ජීවන්ත said...

මේ ප්‍රශ්නෙ සිංහල භාෂාවට විතරක් නෙමෙයි, සිංහල සංස්කෘතියටත් සෑහෙන්න තියෙනවා. මේ ගැන මේ ලිපියත් කියවල බලන්නකෝ! http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_25.html

ජීවන්ත said...

can you contact me. trueorcrazy@gmail.com

VBmaster said...

සරත්,-බිன்ku-,ජීවන්ත,ecH අයියලා සියළු දෙනාටම ස්තුතිය.

සරත් අයියාට - මම ඔබ සමග එකඟ වෙනවා.
-බිன்ku- - එක සටහනකින් මෙය නතර කිරිමට මගේ අදහසක් නොමැත.
ජීවන්ත - ලිපිය කියෙව්වා,මම අළුත් දෙවල් කිහිපයක්ද ඉගෙන ගතිමි.ස්තූතියි.
ecH - සිංහල භාෂාවේ එක් විශේෂත්වයක් වන්නේ එකම වචනයට සමාන වචන විශාල ප්‍රමාණයක් තිබිමයි(උදාහරණ ලෙස ඇතා යන්නට සමාන වචන 12 ක් පමණද, ඉරු හට සමාන වචන 15 ක් පමණ තිබිමයි).ඒකට හේතුව ලෙස මම හිතන්නේ එකලත් විවිධ ගුරු කුල තිබීමයි.ගැටළුව වන්නේ අද ඔවුන් එකිනේකාට බැන වදිමින් සිටිම හා නව වචන නිර්මාණය නොකට මෙහෙම වෙයි, මෙහෙම වෙයි කිය කිය සිටිම හෙවත් ගස්ලබු ගෙඩිය කැපීමට ඇති කම්මැලි කමේ නොකපා ඇට ගණන කීමට උත්සහා කිරිමයි.

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්