Thursday, April 16, 2009

දෘඨාංග, මෘදුකාංග හා මම

****** පළමු ලිපියේ අදහස් දැක්වු සැමට ස්තූතිය පලකරමි.මෙම ලඝු සටහනේදි අදහස් පල කිරිමේදි මිශ්‍ර සිංහල භාවිතා කළ හොත් එයට බැන අවමන් කිරිමට මට කිසිදු අවශ්‍ය තාවයක් නොමැත.ඉන් මා අදහස් කරන්නේ එය අනුමත කරන බව නොවේ , අවුරුදු ගණනක් කල වැරැද්දක් එක් අවුරුද්දක් තුල සම්පුර්ණයෙන් නිවරදි කල නොහැකි බව මා පිළිගන්නා නිසාය(කල හැකි ඒවාත් තිබේ).සුළුවෙන් ආරම්භ කර පසුම ක්‍රමක් ක්‍රමයෙන් නිවරදි මගට අපට ගමන් කල හැකි වේවි.උදාහරණයක් ලෙස මම මේ සටහනක් ප්‍රථමයෙන් ලියන විට මිශ්‍ර‍ සිංහල මා නොදැනුවත්වම භාවිතා කරන අතර පසුව 20-30 පාරක් නැවත නැවත කියවිමෙන් සටහන නැවත සාමාන්‍ය සිංහලයට හරවා ගනිමි.(‍සැලකිය යුතුයි ,මෙය මා ගැන වර්ණනාවක් නොව මම මා ගැන කණගාටුවෙන් කියන්නක් පමණක් වේ) *******

අද දවසේ ලංකාවේ පරිඝනක ක්ෂ්‍රෙත්තය තුල බොහෝ ‍දෙනෙක් පරිඝනක ක්‍රමලේඛකයන් වේ.අනිත් අය පරිඝනක අළුත් වැඩියා කරන අය ,තොරතුරු තාක්ෂණය යොදා ගන්නන් හා දත්ත ඇතුලත් කරන්නන් වේ.පරිඝනක නිර්මාණය කරන්නන් මා දන්නා තරමින් එක් අයෙක් වත් නොමැත.

අප කෙතරම් මෘදුකාංග සැදුවත් එය දිවවිමට අපේම කියා දෘඨාංග(පරිඝනක) නොමැත.අපගේ දෘඨාංග නිපදවීම (මා දන්නා තරමින්) ඉතා සරල විදුලි බුබුලු රටා නිර්මාණය කරන උපකරණ , ප්‍රදර්ශන වලට හැමදාම එක් කරන සෙල්ලම් රොබො යන්ත්‍ර හා ඒ අශ්‍රිත යමක් පමණි.

ඒ කාලයේ එනම් මහා පරිමාණ පරිඝනක ලංකාවට ගෙන්වු කාලයේ අපිටම අපේ මහා පරිමාණ පරිඝනක නිර්මාණය කරගන්නා සමාගමක් නිර්මාණය කරා නම් (අඩුම ගාණේ දැන් වත්) .අපි දෘඨාංග තාක්ෂණය භාවිතා කිරිමට පටන් ගැනිමෙන්,අනාගතයේදි අපිට පරිගණක තාක්ෂණයේ අපේම නව ඉසව් කරා ගමන් කරන්ට පුළුවන් වේවි.එවිට අපේ ක්‍රමලේඛකයන්ටත් එතෙරිත් ලැබෙන්නා වු සමහර විට අපට නොගැලපෙන්නාවු දෘඨාංග තාක්ෂණයන්ට ක්රමලේඛන ලිවිම අත හැර ,අපටම ගැලපෙන්නාවු නව නිර්මාණ බිහි කල හැකි වෙවි.

හෝව්, දැන් හිතේ පොඩි ගැටළුවක් තියෙනවා නේද?ඒ මේකනේ.

"ඒත් සම්පත් නැහැනේ, අපිටම පරිඝනක නිර්මාණය කරන්න.ඒ මදිවට දැන් තියෙන ද්විත්ව හර, සිව් හර පරිඝණක සමග තරග කල හැකි පරිඝනක නිර්මාණය කල හැකි වේවිද ? , "

මට දිය හැකි හොදම පිළිතුර වන්නේ ,ජපානය පරිඝනක ගැන ඔය විදිහට හිතුවනම් අද අපෙන් අධාර ඉල්ලන තත්වයකයි ඉන්නේ.ඔවුන්ගේ දුපත් සම්පත් අතින් කෙතරම් පොසත්ද යත් සිලිකන් පරමාණු වැලි වල යහමින් තිබු අතර තඹ හා යකඩ කුඩා ප්‍රමාණයක් වියොජනය කල නොහැකි සංයොග සමග පැවතිහ(තාමත් තියෙනවා ඇති) .නැත්නම් ඉතාමත්ව සරලව කියනවානම්, ඔවුන් 100% ක් ම වගේ අමුදව්‍ය ගෙන්නගන්නේ යුරෝපයෙනි(විදෙස් රට වලිනි) .ඔවුන් මෘදුකාංග සංවර්ධනයත් සමග දෘඨාංග සංවර්ධනය කිරිමෙන් කර ගත් විනාශ, ඔබ අද අත්විද තිබේනවානේ.(අහෝ ඔවුන් කෙතරම් විනාසයක් කර ගත්තේද යත් ,රට තුල මෙපමණ සම්පත් ඇති අප අද ඔවුන්ගේ අධාර මත යැපෙමින් සිටි. හික්!)

ඔය කිව්වේ සම්පත් ගැන නේ,තාක්ෂණය පැත්තේන් නම්.... අපි එක් අයෙක් ලෙස දිනපතා අනවශ්‍ය ලෙස නාස්කි කරගන්නා මුදල්,කාලය හා ශ්‍රමය ඉතිරි කරගෙන සියල්ලම එක් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වුවහොත් දැන් පවතින තාක්ෂණය ජය ගැනිම නිකම්ම නිකම්ම නිකම් දෙයක් හැටියටයි මම දකින්නේ(අත් දැකිමුත් ඇත).එතකොට ඔය ද්විත හර කැලේකදිවත් සොය ගන්න බැරි වෙවි.

//// ඔන්න පටලවාගන්න එපා මුදල්/කාලය නාස්තිය නතර කර ගැනිම කිව්වේ රෑට විදුලි බුබුලු නිවා දවල්ම පමණක් පොත් කියවීමවත් , උසස් තත්වයේ ශබ්ද වාහිනි ගැනිම නතර කිරිම වත් , මේ ජාල ලඝු සටහන් කියවීමට පරිඝකය දැමි‍මෙන් වැලකි සිටිමවත් නොවේ.එදිනේදා යොදවන මුදල් නිවරදිව යොදනවද, එය තමාට හා ලංකාවට ලාබයක් ගෙන දේද යන්න ගැන සැලකිලිමත් විමයි.උදාහරණ ලෙස උසස් තත්වයේ ශබ්ද වාහිනියක් නොගෙන බාල ඒකක් ගෙන පසුව කනේ විවිධ අබාධ හට ගෙන එයට ඊටත් වඩා මුදල් වැය කිරිමට සිදු කර ගැනිම. ( ඇයි ශ්‍රමය නාස්ති වන නිසා මුළු දවස පුරාම කිසිදු දෙයක් නොකොට නිදා ගැනිම...) ////

අවසාන වශයෙන් මෙය මම ,මා හටම කියන ලද්දක් වේ .

වැරැද්දක් ඇත්ද? පෙන්වා දිම උතුම් ගුණයකි.

3 comments:

GNS said...

හොඳ ආරම්භයක්....

ද්විත්ව හර, සිව් හර දැනට නිකං ග්‍රීක් වගේ උනාට ඒ වචන පස්සෙ සාමාන්‍යකරණය වෙයි...

ඔහොම්මම කරගෙන යමු.

සුභපැතුම්.... :D

budhajeewa said...

> "ඒ කාලයේ එනම් මහා පරිමාණ පරිඝනක ලංකාවට ගෙන්වු කාලයේ අපිටම අපේ මහා පරිමාණ පරිඝනක නිර්මාණය කරගන්නා සමාගමක් නිර්මාණය කරා නම් (අඩුම ගාණේ දැන් වත්)"

වැදගත් අදහසක්. අපිට විශාල විදේශ විනිමයක් ඉතිරි කරගන්න වගේම ඉ-අපද්‍රව්‍ය ගැටළුවෙන් මිදෙන්නත් පුළුවන්.

> "පරිගණක තාක්ෂණයේ අපේම නව ඉසව් කරා ගමන් කරන්ට පුළුවන් වේවි"

ඇයි අපි එහෙම කරන්න ඕන ? අපි මහන්සි වෙන්න ඕන මුළුමහත් මනුෂයවර්ගයාටම (මම දන්නා පරිගණක යන්‍ත්‍ර භාවිතා කරන එකම සත්‍ව විශේෂය මිනිසායි.) භාවිතා කරන්න පුළුවං නිර්මාණ කරන්න ද අපේ රටට සීමා වුනු නිර්මාණ කරන්න ද ?

වැදගත් වන්නේ අපිටම විශේෂිත තාක්‍ෂණයක් නැවත ගොඩනැගීම නොව - මේ කියන්නේ අපේ තාක්‍ෂණය ගැන නොවේ. පරිගණකය බටහිර තාක්‍ෂණයේ නිමැවුමක් නිසා එය හා සමග තරඟ කෙරුමට අපි වෙනම තාක්‍ෂණයක් නිර්මාණය කළ යුතු නැහැ. ඔවුන්ගේ තාක්‍ෂණයේ වැදගත් අංග උකහා ගැනීම ගැටළුවක් නොවෙයි. - පවතින තාක්‍ෂණයහි ශ්‍රී ලංකා සලකුණ තහවරු කරගැනුම යි.

VBmaster said...

ගයන්ත මල්ලි, බොහොමත්ම ස්තූතියි.

Supun Budhajeewa,

"පරිගණක තාක්ෂණයේ අපේම නව ඉසව් කරා ගමන් කරන්ට පුළුවන් වේවි"
යන්නේන් මම අදහස් කරේ මේ වගේ දෙයක්.
ඔබත් මාත් සිංහල අකුරු යතුරු ලියනය කරන්න විදින දුක පැහැදිලි කල යුතු යැයි, මා නොසිතමි.අප දෘඨාංග තාක්ෂණය පැත්ත දියුනු කරගත්තානම් උසස් තත්වයෙන් යුත් විවිධ ගුණාංගෙයෙන් යුත් අඩු මිල ක්ෂුද්‍ර කථන හදුනනයක් හදුන්වා දිමට පුළුවන් කම තිබිනි.ඒසේනම් අපේ ඇත්තේන්ම දක්ෂ ක්‍රමලේඛකයන්ට පහසුවෙන් කටහඬට සංවේදි ක්‍රමලේඛණ ලිවිමට හැකියාව ලැබෙන්නට පුළුවන.

දැනට කටහඬට සංවේදි යම් යම් දේ නිපදුවත් ,ඔවුන්ගේ ඉංග්‍රිසි භාෂාව අනුව එකම ශබ්දයට විවිධ වචන ඇති නිසා ,එය යම් පසු බැමකට ලක්ව ඇත්.ඒ නිසා ඔවුන්ට තාමත් යතුරු පුවරුව පහසු උපකරණයකි.නමුත් සිංහල භාෂෘවේ එසේ තත්වයක් නොමැත් නිසා යතුරු පුවරුවකට වඩා ශබ්ද සංවේදි උපකරණයක් වඩා පහසු වන්නට තිබිනි.

මෙය සරල එක් උදාහරණයක් පමණි.

එසේම මා මුල සිට පරමාණුව කුමක්දැයි යන්නේ සිට තාක්ෂණය නිර්මාණයක් ගැන කතා නොකරන අතර,දැනට ඇති තාක්ෂණය නිවරදි ලෙස සම්පුර්ණයෙන් ඉගෙන ගෙන් ඉන් ඉදිරියට පිටතින්ම තාක්ෂණය පැමිණෙන තෙක්ම බලා නොසිට අපිම එය සොයා ගැනිමට උත්සහයක් දරන්නේනම් (අපි දෙදෙනාම එකක්මද කියන්නේ දැයි මම නොදනිමි ,එය එසේනම් මම ඒ පිළිබදව තරමක් විස්තර ඇතිව කීවේමි)

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්