අද කාලයේ සිටින බොහො දේශප්‍රේමීන් ගොඩ දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා ,අශ්‍රය කරලා තියෙනවා.මට තේරුන විදිහට ඒ ගොඩක් දෙනෙක් තුල එකම ගුණාංගයන් කිහිපයක් තිබෙනවා.
ඒවා නම්
- අන්‍ය අගමිකයන් බෞද්ධයන් අබෞද්ධයන් කරනවා කියමින් ඒ අන්‍ය අගමිකයන්ට පළු යන තෙක් බැනීම
- ඒ අන්‍ය ආගම්කයින් පිටුවහල් කිරිමට බොහො උත්සාහා කිරිම.
- දේශපාලනය ගැන තමා හොදට දන්නවායි සිතිම.
- එකම දේශපාලන පක්ෂයකට කත් අදිමින් අන් සියල්ලටම ගැරහිම.
- ලංකාවේ පැරණි සිංදු වලට බොහො විට කැමති විම හා නව කලයේ සිංදු වලට කැමති අය හා ඒවා ගායනට කරන්නන්ට පුළුවන්නම් පුසිද්ධියෙම ගැරහීම.
- තමා පමණක් දේශප්‍රේමීයා හෝ තම මතයට කැමති වන පුද්ගලයන් පමණක් දේශප්‍රේමීන් විදිහට සැලකිම හා අන් මත දරන්නන්ට හැම විටම පහත් කර කතා කිරිම.
- සුළු ජාතින් සමග කතා කිරිමට බොහො අකමැති වීම හා අවශ්‍ය අවස්ථාවකදි වත් ඔවුන්ට උදව් නොකිරිම
- සුළු රැකියාවන් කරන හො දුප්පත් තත්වයේ සිටින(තමන්ගෙම ජාතියේ) පුද්ගලයන් දුටු විට ඉවත් විම ,ඔවුන් සමග කතා කිරිමට අකමැති වීම.
- බොහොම අවේගශිලි වීම.
- තම මතය පමණක් හරි යයි කියමින්,අන් අය(හෝ අන් දේශප්‍රේමීන්ව) ප්‍රකොප කරවන ලෙස අදහස් ඉදිරි පත් කිරිම.
අන්යඅගමිකරණය නතර කිරිමට රට වටේට බෞද්ධයන් අබෞද්ධයන් කරනවා කිය කියා කෑ ගැසීමවත් එහෙමත් නැත්නම් ඒ අගම්කයින් පිටුවහල් කිරිමට දැඟලිමවත් කිසිදු තෙරුමක් නැති වැඩ වේ.
කළ යුත්තේ අපේ බොහො දෙනෙක්(බොහො පන්සල්ද) කරන දැනට වඩා වැඩි අවශ්‍යතාවයක් නැති පුණ්න්යකර්මයන් වන ගවයන් බේරිම,බොධින්වහන්සේට රන් වැට වල් පුජා කිරිම වැනි දැ මදක් පසුවට කල් තබා අවට සිටින දුප්පතුන්ගේ සමාජ තත්වය ඉහල නැංවිමට උදව් කිරිමයි.නමුත් උදව් කරනවා කියා මාසයකට දෙකකට සරිලන මුදල් හා වෙනත් දේ දිම කිසිදු වැඩක් ඇති වැඩ නොවේ.අළුතින් යම් කර්මාන්තයක් ,සමාගමක් වැනි නව රැකියා අවස්ථාවයන් අරඹා එහි ඒ දුප්පතුන්ට වැඩ කිරිමට අවස්ථාව හා පුහුණුව ලබා දිමයි කල යුත්තේ.
ඉතින් මම කතා කරන දේශප්‍රේමින්ගෙන් සමහරක් තරමක් දුරට ඉගෙන ගෙන එදිනෙදා ගැට ගසා ගත හැකි රැකියාවක් සදහා යන අතර උසස් අධ්‍යාපනය ලබන දේශප්‍රේමින් බොහො විට දේශපාලනයට ඉහලම තැන දිම හො හොද රැකියවක් ලැබුන විට දේශප්‍රේමීත්වය අමතක කිරිම සිදු කරයි.අපි බොහො විට කරන්නේ කෙසේ හො හොදට ඉගෙන ගෙන රැකියවක් කිරමට උත්සහා කිරිමයි.රජයේ රැකියාවන් ගැන නම් කියන්න අවශ්‍ය නැහැනේ. පෞද්ගලික රැකියවන් බොහොමයක අවසාන ඵලය වන්නේ අපේ ශ්රමයි අඩු මුදලකට, විදේශයන්ට විකිණිමයි.මෙයින් රට තුල දුප්පත් බව පැතිරිම සිදුවනවා.
වෙනත් ආගමික පතුරුවන්නන් ,තමුන්ට යම් ආගමක් ගැන කියා එය වැළද ගැනිමට කිවු විට , ඔවුන්ට බැනිමද , ඔවුන්ට බෞද්ධ ධර්මය කියා දිමට යාමද නොකල යුතුයි , කල යුත්තේ ඔවුන්ගේ ආගම අනුවම ඔවුන් කරන්නේ වැරැද්දක් යැයි තේරුම් කල දිය යුතු යුතුයි.හේතුව ඔවුන් චාල්ස් ඩාවින් පවා නිරයේ සිටින බව අදහන නිසයි.(අත් දැකීම් ඇත)
ඊලඟ අවස්ථාව තමයි සුළු ජාතින් හා සුළු රැකියාවන් කරන්නන්ව එදිනේදා ජිවිතයේදි ගණන් නොගැනිම.
තමාගේ නිවසට එන පොල් කඩන්නා හෝ එවනි තත්වයේ යමෙක් වෙත්නම් ඔවුත් වෙතට පිලිකුළු බැල්මක් දැමිම හෝ අවශ්‍ය වැඩේ කර ගැනිමෙන් පසු අමතක කර දැමිම නවතා දැමිය යුතුයි.ඔවුන් ගැන හරියටම නොදන්නේනම් අවම ලෙස අතේ දුරින් හො ඔවුන් සමග සුහදව කතා කල යුතුයි යන්න මගේ හැඟිම.
හතර වෙනි ගුණාංගය හා ඊට පසු හැම එකක්ම සැලකිමෙදි,මේ දේශප්‍රේමීන් පළමුවෙන්ම තමන්ගෙම මතයක් නිර්මාණය කර පසුව එය අනිත් අයට පිළිගන්න යැයි බල කිරිමක් කරයි.වඩා හොද තම මතයන් අන් අය සමග හුවමාරු කිරිමෙන් තමන් නිවරදිද යන්න ගැන අදහසක් ගැනිම වෙයි.ඒ වගේම අන් අයගේ නිවරදි මතයන්ට ගරු කිරිමද කල යුතුයි.
දේශපාලනය දැන් ඇති තත්වය අනුව නිවරදි කිරිමටනම් ක්රමානුකූල සැලැස්මක් යටතේ වුවත් තව අවුරුදු 10 ක් පමණ කාලයක් යයි මට සිතේ.මට අනුව දේශපාලනයේ මඩ හා ගොඩ ලෙස අවස්ථා දෙකක් ඇති අතර දැනට සිටින බොහොමයක් දෙනා මඩේ දඟලමින් හා එකිනේකාට මඩ වලින් පහර දිදි සිටියි. ඔවුන්ගෙන් යමෙක්ව හෝ යම් පක්ෂයක් සුදනෙක් කරන්න කරන වැයමින් වන්නේ අපි අපි තරහා කරුවන් වීන අතර ඔවුන් සමාජ ශාලා වල පක්ෂ හැඟිම අමතක කර දමා එකට මත් පැන් පානය කිරිමයි.
අපි ඇත්තටම යමක් කල යුතු යයි හගින්නේ නම් කල යුත්තේ, අපි අපි අතර පවත්වා ගැනිමට උත්සාකරන මම කලින් ද සදහන් කර ඇති විකාර රූපි තරඟයන් විසි කර දමා තරඟයන් වන තරඟ ආරම්ඹ කිරිමට උත්සාහා කිරිමයි.
උදාහරණ ලෙස වැඩියෙන්ම අද දවසේ දුප්පතුන්ට උදව් කල කෙනා
වැඩියෙන්ම අනිත් අය සමග සුහදව කතා කල කෙනා.එකිනෙකා පරයම්න් හැමවිටම නව නිර්මාණ ලොවද දයාද කිරිමට උත්සහා කිරිම වගේ දේවල්.
මෙයට නිදසුනක් ලෙස අපේ පැරණි රජ දරුවන් තිබේන සියලු දාගැබ් කඩවා තමා සැදු පුංචි දාගැබ ලක් දිව ලොකුම දාගැබ යැයි නොකියු අතර තිබු දාගැබ් අභිබවා යන සේ නව දාගැබ් නිර්මාණය කිරිමට කටයුතු කලේය.ඉන් සිදු වුයේ සීඝ්‍ර ලෙස ගොඩනැගිලි තාක්ෂණය දියුණු වීමයි.
පැහැදිලිව කියන්නේනම් තමා විසින් මතයක් ඇති කර එය හරිම යැයි නොකියයා , එහි වැරදි ඇත්නම් පෙන්වා දෙන ලෙසත් නැත්නම් ඊට වඩා හොද මතයක් නිර්මාණය කරන්නයැයි කියා තරඟයක් ඉල්ලිමයි.එවිට වඩා දියුණු වු හොද මතයක් අවසානයේ නිර්මාණය වේවි.
මේ මගේම අදහස් වේ ,නමුත් නිවරදිමදැයි නොදනිමි.ඒ ගැන ඔබේ අදහස් දැනගන්නත් කැමනියි.
8 comments:
බැලිමී
ඇත්ත යලුවා එ අය හොර දේශප්‍රේමීන් විතරයි
සහෝදරයා, ඔබේ සටහන නිසා මම සතුටටත් දිරියටත් පත් වුවායැයි කිව හැකිය. මෙහි තවත් කරැණු කාරඛා ඇතුලත් කළ හැකි වුවත් මට මේ වෙලේ මතක් වන්නේ නැති අතරම මේ කාරණා ඇතැයි සිතමි.
දේශපේ‍්‍රමය මීට වඩා පුලුල් වුවෙක්, ඒ බව තේරැම් ගන්නට ඇතැම් දියුණු රටවලට ගියාම තේරැම් ගන්න පුලුවන් (නොගිහින් තේරැම් ගන්න අමාරැයි, අත්දැකිමෙන් කියන්නේ).
අනේ බිංකුවෝ, උඹ කොහේ ගියත් උඹේ "දියුණු රටවලට" ලකුණු දාගන්නවා නේද?
@ජීවන්ත,
ඔබ මෙහේම කියන්නේ ඇයි? එහෙම දෙයක් නෑ. ඔබම ඇවිත් දැක්කා නම් තේරෙවි. වචනයෙන් වඩා ක්‍රියාවෙන් කරන රටවල් තියෙනවා. සිංගරුප්පුව, මැලේසියාව වගේ රටවල් වුණත් එහෙම නැද්ද? සුද්දට බැණ බැණ ඉන්න ගොඩේ වෙන්න එපා මචෝ.
ඔන්න මමත් බැලිමි
ශාකුන්තල - ස්තුතියි.
C4 - ස්තුතියි.
-බිன்ku- ස්තුතියි. 100% ක් ම එකඟ වෙන්න බැහැ 99.99% විතර පුළුවන් අනිත් 00.01% හරි මේ රටේ ඉද්දි තමන් විසින් තේරුන් ගත්ත අය ඉන්නවා(මේ කිව්වේ මම ගැන නෙමෙයි)
ජීවන්ත - සටහනක් දැම්මට ස්තුතියි
rathutharuva - ස්තුතියි.
කථාව ඇත්ත. 100% එකඟයි. අපේ රණවිරුවන්ගේ කරුණාව දැකලා යුද මුක්ත කලාපයෙන් එන දමිල වැසියන් ඔවුන්ට ප්‍රශංසා කරන්න වගේ තමයි අන්‍යාගමිකයන් තමන්ට සලකන ආකරය දැකල යම් බෞද්ධයෙක් වෙන ආගමකට යන්නේ. සිද්ධි දෙකම එක වගේ. එක්කෝ දෙකම හරි නැත්තම් දෙකම වැරදියි.
Post a Comment
මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්