Monday, June 29, 2009

ජලය , දේශප්‍රෙමිත්වය හා මම

ගොඩක් වෙලාවට අපි ඉතින් හොද දේශප්‍රේමින්නේ.ඒ නිසා වැඩි පුරම අනිත් අයගේ ඇහේ තියෙන පොඩි කෙස් රොද දැක දැක තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අමතක කරනවනේ.ඇත්තටම දේශප්‍රේමියෙක් නම් රට වෙනුවෙන් කල හැකි කොච්චර දේවල් තියෙනවද?

නල ජලය නාස්තිය අවම කිරිම මේ දේවල් අතර තියෙන එක් සුළු කරුණක්.

ඇත්තටම අපි පාවිච්චි කරන නල ජලය ගැන අපි කොච්චර දන්නවාද ?
ඒහෙම නැත්නම් අපි පාවිච්චි කරන නල ජලයේ ඇත්ත වටිනාකම දන්නවද?

ගොඩක් අයට පහසුවෙන් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දෙන්න පුළුවන් .ඒත මේ ප්‍රශ්න වල ගැඹුර ගැන වැටහිමක් ගොඩක් අයට නැහැ.සාමාන්‍යයෙන් නාගරිකරණයට පත් වු ප්‍රදේශ විශාල ප්‍රමාණයකට නල ජල පහසුකම් තියෙනවා.ඒ වගේම නල ජලය බෙහෙවින් අඩු වටිනාකමක් යටතේ ලබා ගන්නත් පුළුවන්.

අපිට ලැබෙන මේ නල ජලය නිකම්ම නිකම් සමාන්‍ය ගංඟා ජලය කියලත් සමහරු හිතන් ඉන්නවා.බොහො අය නොදන්නා මුත් අපිට ලැබෙන නල ජලයට යම් ප්‍රමිතියක් තියෙනවා.ඒක තමයි බීමට සුදුසු ජලය කියන එක.බීමට සුදුසුයි කියන එකේ ලොකු තේරුමක් තියෙනවා.ඒ කියන්නේ

ඉස්සෙල්ලම ගඟකින් ලැබෙන ජල‍යේ කුණු රොඩු අයින් කරන්න ඕනි.ඊට පස්සේ මඩ අංශු ඉවත් කරලා විෂබිජ විනාස කරලා දුන්නම තමයි බිමට සුදුසු ජලය කියන්නේ.මේක එක පෙළියකින් කියලා ඉවර වුනාට ප්‍රයොගිකව සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් හා මුදල් වැය වන කටයුත්තක්.ඒ වගේම විවිධ රසායනික දව්‍ය හා තාක්ෂණයන් අවශ්‍ය වෙනවා.ඒ කියන්නේ බිමට ගන්නා ජලය සැදිමේද රටේ මුදල් යම් ප්‍රමාණයක් රටින් පිටට යනවා.

ඉතින් මේච්චර දෙයක් කරලා බිමට සුදුසුයි කියන ජලය අපි මොනවටද වැඩිපුරම පාවිච්චි කරන්නේ.
ම්....... බොන්න විතරමයි නේද ? අහා තව පොඩ්ඩෙන් අමතක වෙනවා තව මේ පොඩි දේවල් වගයකුත් කරනවා නේ


  • කැම උයන්න ගන්නවා ‍
  • නාන්න ඇඟ හොදන්න ගන්නවා
  • රෙදි හොදන්න ගන්නවා
  • වෑන් ඒක / කාර් එක / යතුරු පැදිය වගේ වාහන හොදන්න ගන්නවා
  • වලං පිඟන් හොදන්න ගන්නවා
  • මල් පැල වලට දානවා
  • උද්‍යානයේ තණකොල වලට දානවා
  • සුර‍තලයට ඇති කරන සතුන්(බල්ලන් ,පුසන්,...) නාවන්න ගන්නවා
  • මාළු ටැංකියට දානවා

පොඩ්ඩක් හිතන්න, අපි දවසකට පාවිච්චි කරන මුළු ජල පරිබොජනයෙන් බිමට හා කැම ඉවිමට හැර අනිත් ඒවාට නල ජලය යොදාගන්නා ප්‍රතිශතය කොච්චරක්ද කියලා.

මේ අනවශ්‍ය නල ජල පරිබොජන නිසා ජල සම්පාදන ඒකකයට අපෙන් ලොකු ජල ඉල්ලුමක් ඇතිවෙනවා.දැන් හි‍තෙන්නේ ඒ නිසා ජල සම්පාදනයට ඒකෙන් ලොකු ලාබයක් හම්බෙනවා කියලානේ.

කර්මාන්ත ශාලාවක් තියෙනවා දවසේ වැඩ කරන පැය ගාන ඇතුලත උපරිම නිශ්පාදන 100 නිම කරන.කවුරු හරි කෙනෙක් දවසක් ඇතුලත නිශ්පාදන 200 ක් සාමාන්‍ය ගානටම ඉල්ලුවොත්.කර්මාන්ත ශාලා හිමියට පුළුවන්ද සේවකයන්ට අමතර කාල දිමනාත් දිලා දෙවනියට කරන 100 න් පෙර 100 ය සේම ලාබයක් ගන්න.කවදාවත් බැහැ.ඒ කියන්නේ දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ඉල්ලුමක් සැපිරිමේදි අනි‍වාර්යයෙන්ම පාඩු ලබනවා.


අපි කොහොමද නල ජල නාස්තිය වලක්වන්නේ.

දැන් මම කියන්න යන්නේ නැහැ පෙර කිව් සියල්ල නතර කරලා බොන්න පමණක් නල ජලය පාවිච්චි කරන්න කියලා.හැබැයි හැකියාවක් තියෙනවනම් නල ලිදක් හො සාමාන්‍ය ලිදක් තියෙනවනම් ඒ කටයුතු වලට භාවිත කිරිම වඩාම හොදයි.

වැඩි වෙලාවක් නාන හො ඇඟ හොදන කොට ජල වෑස්සනය(ෂවර් එක) භාවිත කරනවට වඩා ජල භාජනයක්(බේසමක්) භාවිත කරනවනම් බොහො ජල ඉතිරයක් ලබා ගතහැකි වේවි.

ඒ වගේම සෝදන අවස්තා වලදි සබන් නිවරදිම භාවිතා කිරිමෙනුත් ලොකු නාස්තියක් නතර කර ගත හැකියි.සබන් වලින් කරන්නේ ජලයේ දිය නොවන තෙල් වැනි කාබනික සංයොග ජලය සමග ඉවත් කිරිම මිස සබන් වලින් දුවිලි වගේ දේවල් ඉවත් කිරිමක් වෙන්නේ නැහැ.(සමහරු අළුතෙන්ම ගෙන ඇදුමුත් සබන් ගාලා සොදනවනේ)

ඔය වගේ තමන් නල ජලය නාස්ති කරන අවස්තා ගැන සිහියෙන් ඉදීමෙන් ඒවා නතර කර ගන්න පුළුවන් වේවි.පුද්ගලිකව ජල නාස්තිය ලිටර් එකින් හෝ නතර කිරිම පොඩි වගේ පෙනුනත් මුළු රටක් විදිහට ඒක වුනොත් සැලකිය යුතු රටේ මුදල් ප්‍රමාණයක් නාස්ති නොවි පවතිවි.

2 comments:

said...

අපි ස්වභාවධර්මයේ හැම දෙයක්ම නාස්ති කරනවා කියලා මට නම් හිතෙන්නේ

muthunayake@gmail.com said...

අදහසනම් ගොඩක් හොදයි ඒත් ෂවර් එකක ජල නාස්තිය අඩුයි කෝප්ප වලින් නානවට වඩා.
ජලය සපයන ආයතන වල අඩික දුෂණයක් සිදුවෙනව. ඇත්තටම ලංකාවේ අපි ජල විදුලිය පාවිච්චිය හරිම අඩුයි අනිත් රටවල් එක්ක ගත්තාම. ඒත් අරපිරිමැස්ම වටිනව. මොකද රජයේ ආයතනවල හොරුන්ගේ වැඩ වලට අපිට ගෙවන්න වෙලානේ.
ජලය ගැන මේක බාගෙන බලන්න
http://muthunayake.blogspot.com/2009/06/blue-gold-world-water-wars2008.html

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්