ඔය තියෙන්නේ මගේ යාළුවෙක්(ම්.. හරියටම දන්නේ නැහැ) මට දුම් පානය ගැන , ඒක කොතරම් වැදගත්ද කියලා පටන් ගත්ත කතාවක ආරම්භය.කොහොම හරි මට මේ ලිපිය ලියන්න හේතුව ඕක නෙවෙයි.
මම ලඟින් ඇසුරු කල යාළුවෙක්ගේ අම්මා ළඟදි නැති වුණා.ඉතින් මට වගේම ඒ යාළුවටත් දුක නැති කරගන්න පිළියමක් විදිහට දුම් පානය කවුද හදුන්වා දෙන්න උත්සාහා කරලා.ඔන්න ඉතිං එයා මොලය පැත්තක තියලා හදවත විතරක් පාවිච්චි කරපු නිසා දැන් දුම්පාන ලොලියෙක් වෙලා.
මේක දැනගත්තම මමත් නිකන් ඉන්නේ නැතුව දුම්පානය ගැන මුදල් නොගෙවු වෙළද දැන්විමක් කරා මිනිහට තව තවත් ආසාවේන් දුම් පානය කරන්න.යට තියෙන්නේ ඒක ජාල ලඝු සටහන් අනුවාදය.
සීත රටවලදි දුම්පානය අරම්භ වෙලා තියෙන්නේ මුලිකවම සිතල නැති කරගන්න.අපි ඉතින් මෙහේ ඇල් වතුරත් නිවලා බොන නිසා මාර අසාවේන් දුම් පානය කිරිම හදුන්වා දිමටත් පෙර පැනලා බදා ගත්තා.ඒ මේ උනුසුම් දේශගුණය මදි නිසා තව තවත් සිරුර උනුසුම් කිරමට.
කොහොම හරි කාලයාගේ ඇවැමේන් ඇල් වතුර නිවිලා බොන එක
- දුක නැති කිරිමට
- නිදි මත නැති කරිමට
- නිදි මත හදා ගැනිමට
- කැම දිරවිමට
- මිත්‍ර කම වැඩි කර ගැනිමට
- කේන්තියට උත්පේරකයක් විදිහට
- කෙන්තිය අඩු කිරිමට
- තමන් දැන් වැඩිහිටියේක් බව නොකියා කිමට
යනාදි මේකි නොකි බොහො අවස්ථාවන්ට පෙරලගෙන තියෙනවා. ඒ ඉතිං අපේ හැටිනේ.කන්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්න එක අපේ පුරුද්දනේ .
මම ආසම දුම්පානයෙන් හම්බෙන පළමු තැග්ග තමයි කැතම කැත රොස පාට තොල් හැමොම වඩා කැමති කළු පාටට හැරිම. කියලවත් කරගන්න පුළුවන් දෙයක්ද නේද?
එතකොට අනිත් කට්ටිය මාර කැමතියි අපිත් එක්ක ගමන් යන්න.වටේ ඉන්න මිනිස්සු දකිනවනේ අපිට ලස්සන කළු පාට තොල් දෙකක් තියෙනවා කියලා.ඒ වගේම අවුරුද්දක් වුනත් ඒ තොල් දිහා බලන් ඉන්න ආසයි.
දුම්පානය ආරම්භයේදි වැදගත් එකක් විදිහට හම්බෙන්නේ ඒක විතරයි.හැබැයි තව අවුරුදු 20 ක් 30 ක් ගියාම මාරම මාර ලස්සන විලාසිතා වගයක් අපේ කටට හම්බෙනවා.කැමතිද ඒවා බලන්න





(මේවා අන්තර්ජාලය සැරිසැරිමෙන් ලබා ගත් ඡායාරූප වේ)
කොහොමද ලස්සනද ?
සමහර විට මේ ඡායාරූප ඇති විලාසිතා දුම්බිම නිසාම ඇති වු ඒවා නොවිය හැකියි.හැබැයි අපි බය නොවිය යුත්තේ අපි දුම් පානය කරන්නේ නම් එය අරම්භ කර අවුරුදු 30 කට පසු මෙවැනි විලාසිතා මීටත් වඩා හොදට අපි නොදැනුවත්වම හම්බවීමයි.
ඉතිං ඔබ අවු 30 සිමාව පසු කර අයෙක් හො එවැනි අයෙක් දන්නේනම් හා ඔබට හො ඔහුට තාම මේ විලාසිතා ලැබි නොමැතිනම් කලබල නොවන්න. එය ඉතාම කුඩාවට හො සමහර විට අභ්‍යන්තරයේ හැදි පසුව එලියට එන්න සිතා ගෙන ඇති.
හෝව් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේ විලාසිතාව තරමක් දුරට පෙන්න ගත් විට පෙරට වඩා පහසුවෙන් අහාර ගත හැකි අතර ,කතා කරන හැම අවස්ථාවකම අපට කට තුළින් මිහිරි වින්දනයක් ද ලැබේනවා.
අවසානයේ කොහොමත් ඔබ දුම් පානය කරන වඩා වාසනාවන්ත අයෙක් නම් හැමදාම තරුණයෙක් විදිහටම ඉදලා ජිවිතට හැර යාවි.ඉතිං මගේ පාර්ථනයනම් දුම් පානය කරන සියළු දෙනාටම දිර්ගායුෂ(අනිවාර්යයෙන්ම විලාසිතා අත්විදිමට ලැබිමට) ලැබේවා ! කියන එකයි.
7 comments:
බැලිමි..බැලිමි..
මගේ ලස්සන රෝස පාට තොල් දෙකට නම් ටිකක් විතර බඩු හම්බු වී ගෙන එන්නෙ...
ඉතිරි ඒවා වෙන්නට ඉස්සර වෙලා දෙපාරක් හිතන්න වෙයි වගේ...හොදා හොදා..!!!
මේවා දැකලවත් අපේ අයියලා දුම් බොන වැඩේ නැවැත්තුවොත් හොදයි... නමුත් වර්තමානයේ මම දැකලා තියෙන විදිහට හුගක් දෙනාට මෙහි ආදිනව තේරිලා තියෙනවා. හුගක් තරුන පිරිස් මෙයට යොමු නොවීම හොද ප්‍රවණතාවයක් :)
හොද ලිපියක්.ගහන්න ඔනේ තැනට හොද වදින්න ලියලා
දුම් දුම් දුම් නිකරොටින් දුම්
උන්දෑට
ජය වේවා!
මැරි ගෙන අනුන් මරන
මෙලයක් තිබ්බාට විසි කරන
හදවතට වල ගහන්න දෙන
උතුමා දුම්-පානය!
බිපල්ලා මොලයක් නැත්තං, බොනවා නම් ලිඳට පැනලා බීපං!
(නියම ලිපියක්)
හොද ලිපියක්......
[ජොන් ප්ලේයර් උබව සුදු වෑන් එකකින් උස්සයි බලාගෙන]
"මධ්‍යම පාන්තිකයා"..
ස්තුතියි, හිතලා බලන්න(දැනට වඩා අනාගතය ගැන)
panhida
ස්තුතියි ,ඕව් මමත් හිතන් හිටියේ තරණ පිරිස ඒක තේරුම් අරන් කියලා.ඇත්තටම මීට කලින් හිටපු අය එහෙම කරා.ඒත දැන් ඒක අයිත් පටන් අරන් හොරෙන් හොරෙන්ම.
deeps
ස්තුතියි , මේවා බොන අය හදවත විතරයි පාවිච්චි කරන්නේ.ඒ නිසා හිතන්න(මොලේ පාවිච්චි කරන්න) කිව්වට වැඩක් නැහැ.
-බිன்ku-
නියමයි , ස්තුතියි.
දසුන් මධුසංඛ වානගුරු
ස්තුතියි, හික් හික් මම මේ අහල පහල අයට කිව්වා සුදු වැන් එකක් අවොත් කියන්න කියලා.
දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
http://www.facebook.com/easywaysrilanka
Post a Comment
මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්