Tuesday, May 5, 2009

ජාතිද්‍රොහින්, ඇඟිල්ල හා මම


මේ ජිවිතයේදි කී දෙනෙකුට අපි මූ ජාතිද්‍රොහියෙක් කියා හෝ සිතා ඇත්ද?ඒත් අපි අනෙකුට ඇඟිල්ලක් දික් කරන හැම වෙලාව අපි දෙසට ඇඟිලි තුනක්ම හැරි ඇති බව අමතක කරලා නේද ?

මැදඟිල්ල
අපි වැඩි පුරම ලැජ්ජා වෙන්නේ සිංහල ව්‍යාකරණ හෝ අක්ෂරවින්‍යාසය වැරදුනොත්ද නැත්නම් ඉංග්‍රිසි ව්‍යාකරණයක් හෝ එහි වචනයකට අකුරු දන්නැත්නම්ද?උදා පන්තියේදි මූණ හංගගන්නේ airplane බැරිවුනොත්ද නැත්නම් පිපිඤ්ඤා ලියා ගන්න බැරිවුනොත්ද?

ඒ කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්න මව් භාෂාව වැරදුනාට ලැජ්ජාවක් ඇතිවෙන්නේ නැහැ ඒත් කෙටි කාලයක් ඉගෙන ගන්ත දෙවනි බසක සිදුවන වැරැද්ද මහා ලොකුවට හිතනවා නේද?

පාසල් කාලයේදි සිංහල හා ඉංග්‍රිසි භාෂාව එදිනෙදා භාවිතයට ගත හැකි වන තෙක් උගන්වයි.නමුත් පාසල් කාලයෙන් පසු තවදුරටත් ඉගෙනීම සද‍හා ඉංග්‍රිසි පංති වලට යන අතර කවදාවත් දැක තියෙනවාද සිංහල පන්තියකට යන අයෙක්ව.අඩුම තරමේ තමන් විසින්වත් ඉගෙන ගන්නා අවස්ථාවක් නැත්නම් අවශ්‍යතාවයක් වත් ඇති අයෙක්ව.ඒ කියන්නේ අද සිංහල භාෂාව ඒතරම්ම නොවැදගත්ද?

වෙදඟිල්ල

යහළුවන් සමග කතා කරන කොට මිශ්‍ර සිංහල භාවිතා නොකොට සමාන්‍ය සිංහල භාවිතා කිරිමට තරම් ශක්තියක් නැති කම , ඔවුන් තමාව මොඩයෙක් යැයි සිතාවි යි සිතිම හෝ සමාන්‍ය සිංහල භාවිතාව අමාරුයැයි කීම.

  1. "මචං මම ඊයේ අරුත් එක්ක ටෙක්ස් චැට් කරා , ඌ මාර ෆිට් පොර බං."
  2. "යාළුවා මම ඊයේ අරුත් එක්ක පෙළ සල්ලාපයේ යෙදුනා ,ඌ මාර යෝග්‍ය කෙනෙක් බං"

ඉහත වාක්‍ය දෙකෙන් කියවු ගමන් හිනා ගියේ මොන වාක්‍යයටද , නිකම්වත් හිතුනද ඒ හිනා වුනේ තමන්ගේම භාෂාවට බව ,නැත්නම් ඒ කියන්නේ අපි සිංහල භාෂාව මොඩ භාෂාවක් කියලා අපිම නොදැනුවත්වම හිතන් ඉන්න බවද?නැත්නම් ඇත්තටම සිංහල භාෂාව නුතනයට සුදුසු නැද්ද?

ඇත්තටම කවදාවත්ම උත්සහා කරාද ,මිශ්‍ර සිංහල භාවිතා නොකොට සමාන්‍ය සිංහල භාවිතා කරන්න.

බය වෙන්න එපා, කම්මැලි කම වැඩි නිසාම හෝ ලැජ්ජාව වැඩි නිසා හෝ අපි ඉස්සරහටත් මිශ්‍ර සිංහල භාවිත කරාවි.වැඩි කල් යන්නට පෙර "මම ගෙදර යනවා" කියන එකත් අභාවයට ගිහින් "අයි හෝම් ගෝ"(I home go) යයි කියාවි හික් හික් .

ගණන් කරාද දවසකට සිංහල භාවිතයක් සමග නොදැනුවත්වම භාවිත කරන ඉංග්‍රිසි වචන ප්‍රමාණය.නිකන් ඉන්න වෙලාවක ගණන් කරලා බලන්න.එතකොට තේරෙවි

සුලඟිල්ල

දේශප්‍රෙමයෙන් හො ජාතිප්‍රෙමයෙන් ක්‍රියාත්මක වන තවත් අයෙක් ව ඔබේ රිතින්වලට අනුකුලව කටයුතු නොකරන විට කවදාවත් ‍ඔහුගැන හොදක් හිතන්න පුළුවන් වුනාද? නැත්නම් ඔහු කරන්නේ වැරැද්දක් යැයි දැනුනු විට ,දන්න නරකම වචන වලින් බැන නොවැදි හො හිත පැරෙන වචන භාවිතා නොකොට එය වැරැද්දක් විදිහට හරියට පෙන්වා දි ඉන් මුදවා ගන්න උත්සහා කරාද ?

ඒ කියන්නේ සිංහලයන් සිංහලයන් අතර පවතින බැදිම සහොදර බැදිම හෝ වැඩිහිටියන් පොඩි ළමුන් කෙරෙහි පවතින බැදිමට වඩා ඉතාමත්ම අඩු වු වහා බිදෙන සුළු බැදිමක්ද ?

වැරැද්දක් පෙන්වා දුන් විට එය නිවරදි කරගැනිමට හෝ වැරැද්දක් දුටු විට එය නිවරදිව පහදා දිමට තරම් වත් අපි බුද්ධිමතුන් නොවේද?


ඇත්තටම මේ වැරදි අපි හදාගත යුතුද ? අපො නැහැ, කලයුත්තේ සුපුරුදු පරිදි ඔය වැරදි කරගෙන යන එක.අපි අපේ වැරදි දැක්කත් ඒවා සාදා නොගැනිමට තරම් දියුණු ජාතියක්ව සිටි.අපි ඔය වැරදි හදාගත්තොත් අහාපහු නොදියුණු ජාතියක් වේවි.

සමහර විට මේක කියවන විට හදාගන්න ඕනි යැයි සිතේවි ,ඒත් බය වෙන්න එපා දවසකින් දෙකකින් ඕක අමතක වෙලා යවි.ඉතින් සුපුරුදු පරිදි අනුන්ට ඇඟිල්ල දික් කරන්න.තමත් දෙසට ඇත් ඇඟිලි තුන අමතක කරන්න(දැන් පුළුවන්නම් ඇඟිලි පහම දික් කරන්න,එතකොට තමන් දිහාවට ඇඟිලි නැහැනේ).

අපි කවදාවත්ම මේ වැරදි හදාගන්නේ නැති වේවි.

බොරු නම් තව දවස් දෙකකට පස්සේ එදා දවසේ කතා කල දැ හා කල දැ සිතා බලන්න.

ඉතින් අනාගත ජාතිප්‍රෙමි සිංහල ජාතියට මගෙන් හද පිරි සුභ පැතුම් !

11 comments:

C4 said...

හොද ලිපියක් ලංකාවෙ ඉන්න කලු සුද්දො මිනිස්සුන්ට පුරුදු කලේ සිංහලයට හිනාවෙන්න එක තමා රටට ගහපු ලොකුම හෙනේ

මම අද්දැකිමෙන්ම දන්නවා සිංහල ගිනි නරියා පවිච්චි කරනවාට සමහරුන් හිනාවෙනවා

Anonymous said...

ඔබගේ පළමුවැනි අදහසට එකඟ වෙනවා. මම කොහෙදදි ඇහුවා සිංහල මිනිස්සුන්ට ඉංග්‍රිසි ඉගෙන ගත්තාම ඒක තමන්ගේ දෙවෙනි බාසාව කියලා අමතක වෙනවා කියලා. ඊට පස්සේ පුලුවන් තරම් වේගයෙන් කියවන්න හදනවා කියලා.

හැබැයි මට දෙවැනි අදහසටනම් ඔබේ විදිහටම එකඟ වෙන්න බෑ. අපිට අර දෙවැනි පේලිය පාවිච්චි කරන්න බැරි තියෙන සමාජ තත්වය නිසා. ඒක් ඉංග්‍රිසි ලොකු වීම නෙමෙයි. දැන් බලන්න සිංහලට ඉංග්‍රිසියෙන් හැර කොච්චර වෙන වචන එකතු වෙලාද කියලා? බාසාව අත ඇරලා බලන්න සංස්කෘතික ලක්ෂණ කීයක් වෙනත් රටවල ඒවද කියල? කොටින්ම කියනවනම් අපේ මානසිකත්වය වුනත් අපේ නෙවෙයි. මේ නරකක් කියනවා නෙවෙයි. ඒත් ලෝකයට විවෘත වුනාම අනිත් සංස්කෘතික ලක්ෂණ හිමිවීම නවත්තන්න බෑ. එහෙම බලද්දී දෙවැනි පේළිය පැරණි සිංහල මිසක් සුද්ද සිංහල නෙවෙයි. සුද්ද සිංහලයක් කොහෙවත් නැහැ. ඒක ලෝකේ හැම බාසාවකම වෙනවා. ඉංග්‍රිසි වල කතා කරද්දි ලියන විදිහට කතා කරනවද?

අපි හැම දෙයක්ම අතහරින්න හොඳ නෑ. හැබැයි අත හැරිය පලියට ඒවා නරකයි කියලා කියන්නත් බැහැ.

Anonymous said...

සමාවෙන්න අන්තිම කමෙන්ට් එකේ අන්තිම පේළිය මෙහෙම හරි ගස්සන්න.
"අපි හැම දෙයක්ම අතහරින්න හොඳ නෑ. හැබැයි අත හැරිය පලියට ඒවා හොඳයි කියලා කියන්නත් බැහැ."

@C4,
ගිනි නරියා භාවිතය ගැන වෙනමම කතා කල යුතුයි. මමනම් හිනා වෙන්නේ නෑ. හැබැයි ඒකේ ප්‍රායොගික භාවිතය ගැන මමත් ප්‍රශ්න කරනවා.

budhajeewa said...

මේවාට පිළිතුරු දෙන්න :

1. භාෂාව කියන්නේ සන්නිවේදනය සඳහා මිනිසා විසින් නිර්මාණය කළ(i) උපකරණයක් ද ?
2. ඉහත පැනයට පිළිතුරු ඔවු නම්, ඔබ වැඩක් කරනකොට කරන්නේ ඔබට උවමනා හැටියට ද ? උපකරණයට උවමනා හැටියට ද ?

--
සටහන් :
i. ඇත්තටම භාෂාව මිනිසා විසින් නිර්මාණය කළා කියන එක නොමග යවන සුළු අර්ධ සත්‍යයක්. පරිණාමවාදය පිළිගන්නවා නම්, උපකරණ (භාෂාව ඇතුළුව) භාවිතාව පටන්ගත් මිනිසාගේ පූර්වජයන්, එම උපකරණ වල භාවිතාව නිසා ම අද සිටින තත්‍වයට තෙක් පැමිණ ඇති බව කියන්නට පුළුවන්.
--

Chrishi said...

ගිනි හිවලා ගැන කතා කරද්දී chamila_dealwis ගේ අදහසට සම්පූර්ණයෙන් එකඟ වෙනවා. ප්‍රායොගික භාවිතයේ ප්‍රශ්න කිහිපයක් නිසා මමත් සින්හල ගිනි හිවලා භාවිතය අත්හැරා දැමුවා.
හැබයි මම පාවිච්චි කරපු කාලයේ මගෙ යහලුවන් ඒකට හිනා වුන හැටි මට තාම මතකයි. මොනවා කරන්නද ඒක පාසලෙන් උරුම වුන දෙයක් හැටියටයි මට පේන්නේ.

පොඩ්ඩා said...

fox hill කියන්නෙ නැතුව, නරියා කන්ද කිව්ව නම් අපෙ කට්ටිය රේස් බලන්න යයි ද?
අම්මේ, තාත්තේ කියලා කටපුරා කතා කරන අය තව එකෙක් දෙන්නෙක් හරි ඉන්න නිසා අපි ඒ ගැනවත් හිතලා සතුටු වෙමු.

VBmaster said...

C4 ස්තුතියි.

chamila_dealwis සටහනට ස්තුතියි.
මම පිළිගන්නවා අනිත් භාෂා වලින් සිංහලයට වචන ලබා ගෙන ඇති බව,සංසකෘත පාලි උදාහරණ.හැබැයි ඒවා සිංහල භාෂාවට ගැලපෙන පරිදි සකස් කරගෙන භාවිත කරන්නේ.කොහොමටත් අපිට සුද්ද සිංහල භාවිතා කරන්න බැහැ මොකද ඒකේ මහප්‍රාන අකුරු එහෙම නැහැ.එකයි මම සමාන්‍ය සිංහල ලෙස භාවිත කරේ(නැතුව සුද්ධ සිංහල නෙවෙයි)ඒත් අද ඉංග්‍රිසි වචන එහෙම්මම හාවිතා කරනවා නේද?(ඒ වගේ රුසියන් භාෂාව භාවිතා කරනවා දැක තියෙනවාද?) කොහොම හරි එකෙන් වෙන්නේ සිංහල භාවිතය අඩු වෙවි ගොස් නතර වෙන එක.

ඉංග්‍රිසි භාෂාව භාවිතය ලොකු‍ දෙයක් විදිහට හිතනවා කියලා කිව්වේ සිංහල පමණක් භාවිත කරාම තැනක් නැති වෙනවා කියලා අද බොහො දෙනා සිතන් ඉන්නවා.(දවසක සිංහලෙන්ම කතා කරලා බලන්න ඔබටම තේරේවි.

හොද සංස්කෘතික අංගවල් විදිහට අපි මොනවද අරන් තියෙන්නේ?

Supun Budhajeewa
‍ඔබේ කෘතිම බුද්ධියක් ඔබේ පරිඝනකයේ නිර්මාණය කරමින් සිටින්නේ යැයි සිතමු.එවැනි අවස්ථාවකදි ඔබේ පරිඝනකයේ ධාරිතාවන් එයට මදිපාඩු වුවහොත් කරන්නේ ධාරිතාවන් වැඩි කරන එක නේද?හැබැයි අවශ්‍ය ධාරිතාවේ උපකරණයක් නැතිවුනොත් ඔබ සාදන කෘතිම බුද්ධිය ඒ අවස්ථාවේ පවතින ධාරිතාවන්ට සකසනවා නේද,පසුව ඒ ධාරිතාවේන් එකක් එන තෙක්.

ඒ කියන්නේ සමහර වෙලාවට උවමනාව අනුව හො උපකරණය අනුව හො ඒ තිරණය ගන්න සිද්ධ වෙනවා.ඒක පවතින අවස්ථාව මතයි තිරණය වෙන්නේ.
සටහන කියන එකේ මට තේරෙන විදිහට පළමුව ඔබ නැහැ කියා පසුව ඔව් කිවු බවක් දැනෙන්නේ.

Chrishi ස්තුතියි.ඇත්ත,ඒක පරම්පරාවේන් පරම්පරාවට උරුම වෙන දෙයක් විදිහටයි මට හිතෙන්නේ.

RanDil said...

"බැලිමී"

ජීවන්ත said...

හැම දෙයක්ම විකුණන ලෝකයක් දැන් තියෙන්නෙ. මෙතේදි වෙළඳපොල තුල අලෙවි කරන්න පුළුවන් භාෂාවක් තිබීම වෙළෙන්දන්ට වැදගත් වෙනවා.(සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි.) බොරු නම් බලන්න අද පැපොල් විකුණන්නෙ පැපොල් කියල නෙවෙයි papaya කියල. පැපොල් කියන වචනෙට වඩා papaya කියන වචනෙ විකුණන්න ලේසියි. (මුදල් පමණක් කේන්ද්‍ර කරගත් සමාජයක භාෂාව, සංස්කෘතිය අමු අමුවේම විකිණෙන එක පුදුමයක් නෙවෙයි.)
අනික් අතට අද විවිධ මාධ්‍ය වල යන වැඩසටහන් වලට දාන නම් බලන්න. ගොඩක් වෙලාවට දාන්නෙ ඉංග්‍රීසි නමක්. එහෙම නැතුව වැරදිලා වගේ සිංහල නමක් දැම්මයි කියමුකො. එතකොට ඒ නම ඉංග්‍රීසි අකුරු වලිනුත් දානවා. (එක්කො ඒක සිංහලෙන් කියවන විධියටම ඉංග්‍රීසියෙන් දානවා නැත්නම් ඉංග්‍රීසි තේරුම දානවා නැත්නම් ඒ දෙකම දානවා.) මොකක්ද ඒ විකාරෙ? ඇයි එහෙම දාන්නෙ ඒ වැඩසටහන් බලන සුද්දන්ට තේරෙන්නද? (අනෙ මගෙ කට!) අනික් එක ඔය මාධ්‍ය වල ඉංග්‍රීසි උගන්වන වැඩසටහන් කීයක් යනවද? (උදා: රජකඩුව, English class for me) ඒ උනාට සිංහල උගන්වන එකක් හරි යනවද?
තව එකක්, 2009 වසර නම් කරල තියෙන්නෙ "ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ වසර" ලෙස. නමුත් සිංහල රටේ සිංහල වෙනුවෙන් වසරවල් නම් කරනවද? (වැරදිලාවත්) ඇයි අපිට බැරි "සිංහල භාෂා හා තොරතුරු තාක්ෂණ වසරක්" නම් කරන්න. ඒ කරලා සිංහලෙන් තොරතුරු තාක්ෂණය දියුණ කරන්න බැරිද? නැත්නම් අපි තවදුරටත් ඉංග්‍රීසියට කඩේ යනවද?
සුද්දා තමන්ගෙ භාෂාව, තමන්ගෙ සංස්කෘතිය හැම තැනම පතුරනවා. ඔහු හැම කෙනෙකුටම ඉංග්‍රීසි උගන්වන්න උත්සාහ කරනවා. නමුත් අපි එක සුද්දෙක්ට හරි සිංහල ටිකක් කියල දෙන්න උත්සාහවත් කරනවද? ඒ අතින් ගත්තහම අපි සෑහෙන පසුගාමියි.
ලංකාවෙ මිනිස්සු බොහෝ දෙනෙක් තමන් ඉංග්‍රීසි නොවී සිංහල වීම ගැන තියෙන්නෙ හීන මානයක්.
මේ ගැන මම දීර්ඝ ලිපියක් ලිව්වා. වෙලාවක් තිබ්බොත් කියවලා බලන්න.
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_25.html

VBmaster said...

Randi ස්තුතියි
ජීවන්ත ස්තුතියි. ඇත්ත ලංකාවේ ගොඩක් කට්ටිය අපි කියන දේ වරදවාමයි හිතන්නේ.අපේම බසින් වැඩ කල යුතු බොහො අවස්ථාවන් අපිට අද ගිලිහිලා ගිහිල්ලා.ඉගෙන ගන්න තියෙන් දෙවල් සිංහලෙන් ඉගෙන ගන්න තිබ්බනම් අපේ කට්ටිය අද ඒකෙන් මාර විදිහට වැඩ අරගනිමින් ඉන්න තිබ්බා.කට්ටි‍යට කවදා හරි තේරේවි හැබැයි ඒදාට ගොඩක් පරක්කු වේවි.මටත් ගැටළුවක් තමා ඉංග්‍රිසි විතරක් ජාත්‍යන්තර බසක් වුනේ කොහොමද කියලා(අපේ කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ).ඒ ගොල්ලො කාගෙන්ද දන්නෙනැ අවසර ගත්තේ ජාත්‍යන්තර බස කරගන්න

Life said...

අපි දැන් ගත කරන්නෙ නැවත අපේම කියන සමාජයකට අනුවර්තනය වන යුගයක. 78න් පස්සෙ ආපු පරගැති චින්තනයේ සිට නැවතත් අපේම කියන සමාජ ක්‍රමයකට. ඉතං ඒකට යම්කිසි කාලයක් අවශ්‍ය වේවි. දැන් බලන්න හුඟක් අය BLOGS (සමාවන්න මම මේකට සිංහල වචනය දන්නෙ නෑ) වල පුළුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ක්‍රමයෙන් මේක ව්‍යවහාර භාෂාවටත් පැතිරේවා කියල ප්‍රාර්ථනා කරමු!

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්