Monday, June 29, 2009

ජලය , දේශප්‍රෙමිත්වය හා මම

ගොඩක් වෙලාවට අපි ඉතින් හොද දේශප්‍රේමින්නේ.ඒ නිසා වැඩි පුරම අනිත් අයගේ ඇහේ තියෙන පොඩි කෙස් රොද දැක දැක තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අමතක කරනවනේ.ඇත්තටම දේශප්‍රේමියෙක් නම් රට වෙනුවෙන් කල හැකි කොච්චර දේවල් තියෙනවද?

නල ජලය නාස්තිය අවම කිරිම මේ දේවල් අතර තියෙන එක් සුළු කරුණක්.

ඇත්තටම අපි පාවිච්චි කරන නල ජලය ගැන අපි කොච්චර දන්නවාද ?
ඒහෙම නැත්නම් අපි පාවිච්චි කරන නල ජලයේ ඇත්ත වටිනාකම දන්නවද?

ගොඩක් අයට පහසුවෙන් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දෙන්න පුළුවන් .ඒත මේ ප්‍රශ්න වල ගැඹුර ගැන වැටහිමක් ගොඩක් අයට නැහැ.සාමාන්‍යයෙන් නාගරිකරණයට පත් වු ප්‍රදේශ විශාල ප්‍රමාණයකට නල ජල පහසුකම් තියෙනවා.ඒ වගේම නල ජලය බෙහෙවින් අඩු වටිනාකමක් යටතේ ලබා ගන්නත් පුළුවන්.

අපිට ලැබෙන මේ නල ජලය නිකම්ම නිකම් සමාන්‍ය ගංඟා ජලය කියලත් සමහරු හිතන් ඉන්නවා.බොහො අය නොදන්නා මුත් අපිට ලැබෙන නල ජලයට යම් ප්‍රමිතියක් තියෙනවා.ඒක තමයි බීමට සුදුසු ජලය කියන එක.බීමට සුදුසුයි කියන එකේ ලොකු තේරුමක් තියෙනවා.ඒ කියන්නේ

ඉස්සෙල්ලම ගඟකින් ලැබෙන ජල‍යේ කුණු රොඩු අයින් කරන්න ඕනි.ඊට පස්සේ මඩ අංශු ඉවත් කරලා විෂබිජ විනාස කරලා දුන්නම තමයි බිමට සුදුසු ජලය කියන්නේ.මේක එක පෙළියකින් කියලා ඉවර වුනාට ප්‍රයොගිකව සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් හා මුදල් වැය වන කටයුත්තක්.ඒ වගේම විවිධ රසායනික දව්‍ය හා තාක්ෂණයන් අවශ්‍ය වෙනවා.ඒ කියන්නේ බිමට ගන්නා ජලය සැදිමේද රටේ මුදල් යම් ප්‍රමාණයක් රටින් පිටට යනවා.

ඉතින් මේච්චර දෙයක් කරලා බිමට සුදුසුයි කියන ජලය අපි මොනවටද වැඩිපුරම පාවිච්චි කරන්නේ.
ම්....... බොන්න විතරමයි නේද ? අහා තව පොඩ්ඩෙන් අමතක වෙනවා තව මේ පොඩි දේවල් වගයකුත් කරනවා නේ


  • කැම උයන්න ගන්නවා ‍
  • නාන්න ඇඟ හොදන්න ගන්නවා
  • රෙදි හොදන්න ගන්නවා
  • වෑන් ඒක / කාර් එක / යතුරු පැදිය වගේ වාහන හොදන්න ගන්නවා
  • වලං පිඟන් හොදන්න ගන්නවා
  • මල් පැල වලට දානවා
  • උද්‍යානයේ තණකොල වලට දානවා
  • සුර‍තලයට ඇති කරන සතුන්(බල්ලන් ,පුසන්,...) නාවන්න ගන්නවා
  • මාළු ටැංකියට දානවා

පොඩ්ඩක් හිතන්න, අපි දවසකට පාවිච්චි කරන මුළු ජල පරිබොජනයෙන් බිමට හා කැම ඉවිමට හැර අනිත් ඒවාට නල ජලය යොදාගන්නා ප්‍රතිශතය කොච්චරක්ද කියලා.

මේ අනවශ්‍ය නල ජල පරිබොජන නිසා ජල සම්පාදන ඒකකයට අපෙන් ලොකු ජල ඉල්ලුමක් ඇතිවෙනවා.දැන් හි‍තෙන්නේ ඒ නිසා ජල සම්පාදනයට ඒකෙන් ලොකු ලාබයක් හම්බෙනවා කියලානේ.

කර්මාන්ත ශාලාවක් තියෙනවා දවසේ වැඩ කරන පැය ගාන ඇතුලත උපරිම නිශ්පාදන 100 නිම කරන.කවුරු හරි කෙනෙක් දවසක් ඇතුලත නිශ්පාදන 200 ක් සාමාන්‍ය ගානටම ඉල්ලුවොත්.කර්මාන්ත ශාලා හිමියට පුළුවන්ද සේවකයන්ට අමතර කාල දිමනාත් දිලා දෙවනියට කරන 100 න් පෙර 100 ය සේම ලාබයක් ගන්න.කවදාවත් බැහැ.ඒ කියන්නේ දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ඉල්ලුමක් සැපිරිමේදි අනි‍වාර්යයෙන්ම පාඩු ලබනවා.


අපි කොහොමද නල ජල නාස්තිය වලක්වන්නේ.

දැන් මම කියන්න යන්නේ නැහැ පෙර කිව් සියල්ල නතර කරලා බොන්න පමණක් නල ජලය පාවිච්චි කරන්න කියලා.හැබැයි හැකියාවක් තියෙනවනම් නල ලිදක් හො සාමාන්‍ය ලිදක් තියෙනවනම් ඒ කටයුතු වලට භාවිත කිරිම වඩාම හොදයි.

වැඩි වෙලාවක් නාන හො ඇඟ හොදන කොට ජල වෑස්සනය(ෂවර් එක) භාවිත කරනවට වඩා ජල භාජනයක්(බේසමක්) භාවිත කරනවනම් බොහො ජල ඉතිරයක් ලබා ගතහැකි වේවි.

ඒ වගේම සෝදන අවස්තා වලදි සබන් නිවරදිම භාවිතා කිරිමෙනුත් ලොකු නාස්තියක් නතර කර ගත හැකියි.සබන් වලින් කරන්නේ ජලයේ දිය නොවන තෙල් වැනි කාබනික සංයොග ජලය සමග ඉවත් කිරිම මිස සබන් වලින් දුවිලි වගේ දේවල් ඉවත් කිරිමක් වෙන්නේ නැහැ.(සමහරු අළුතෙන්ම ගෙන ඇදුමුත් සබන් ගාලා සොදනවනේ)

ඔය වගේ තමන් නල ජලය නාස්ති කරන අවස්තා ගැන සිහියෙන් ඉදීමෙන් ඒවා නතර කර ගන්න පුළුවන් වේවි.පුද්ගලිකව ජල නාස්තිය ලිටර් එකින් හෝ නතර කිරිම පොඩි වගේ පෙනුනත් මුළු රටක් විදිහට ඒක වුනොත් සැලකිය යුතු රටේ මුදල් ප්‍රමාණයක් නාස්ති නොවි පවතිවි.

Thursday, June 4, 2009

දුම් වැටිය , ජිවිතය හා මම

"යකෝ සිගරට් එකක් බොන තරම්, තව වෙන ක්‍රමයක් නැහැ බං දුක නැතිකරන්න.ඒක අත්දුටුවයි ප්‍රත්‍යාක්ෂයි.එක දුම් උගුරක් ඇද්දම නිකන් වෙනමම ලෝකෙකට ගියා වගේ.ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ,එක පාරක් try කරලා බලපන් ...................... හා තවත් බ්ලා බ්ලා බ්ලා ............"

ඔය තියෙන්නේ මගේ යාළුවෙක්(ම්.. හරියටම දන්නේ නැහැ) මට දුම් පානය ගැන , ඒක කොතරම් වැදගත්ද කියලා පටන් ගත්ත කතාවක ආරම්භය.කොහොම හරි මට මේ ලිපිය ලියන්න හේතුව ඕක නෙවෙයි.
මම ලඟින් ඇසුරු කල යාළුවෙක්ගේ අම්මා ළඟදි නැති වුණා.ඉතින් මට වගේම ඒ යාළුවටත් දුක නැති කරගන්න පිළියමක් විදිහට දුම් පානය කවුද හදුන්වා දෙන්න උත්සාහා කරලා.ඔන්න ඉතිං එයා මොලය පැත්තක තියලා හදවත විතරක් පාවිච්චි කරපු නිසා දැන් දුම්පාන ලොලියෙක්‍ වෙලා.
මේක දැනගත්තම මමත් නිකන් ඉන්නේ නැතුව දුම්පානය ගැන ‍මුදල් නොගෙවු වෙළද දැන්විමක් කරා මිනිහට තව තවත් ආසාවේන් දුම් පානය කරන්න.යට තියෙන්නේ ඒක ජාල ලඝු සටහන් අනුවාදය.


සීත රටවලදි දුම්පානය අරම්භ වෙලා තියෙන්නේ මුලිකවම සිතල නැති කරගන්න.අපි ඉතින් මෙහේ ඇල් වතුරත් නිවලා බොන නිසා මාර අසාවේන් දුම් පානය කිරිම හදුන්වා දිමටත් පෙර පැනලා බදා ගත්තා.ඒ මේ උනුසුම් දේශගුණය මදි නිසා තව තවත් සිරුර උනුසුම් කිරමට.

කොහොම හරි කාලයාගේ ඇවැමේන් ඇල් වතුර නිවිලා බොන එක

  • දුක නැති කිරිමට
  • නිදි මත නැති කරිමට
  • නිදි මත හදා ගැනිමට
  • කැම දිරවිමට
  • මිත්‍ර කම වැඩි කර ගැනිමට
  • කේන්තියට උත්පේරකයක් විදිහට
  • කෙන්තිය අඩු කිරිමට
  • තමන් දැන් වැඩිහිටියේක් බව නොකියා කිමට

යනාදි මේකි නොකි බොහො අවස්ථාවන්ට පෙරලගෙන තියෙනවා. ඒ ඉතිං අපේ හැටිනේ.කන්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්න එක අපේ පුරුද්දනේ .

මම ආසම දුම්පානයෙන් හම්බෙන පළමු තැග්ග තමයි කැතම කැත ‍රොස පාට තොල් හැමොම වඩා කැමති කළු පාටට හැරිම. කියලවත් කරගන්න පුළුවන් දෙයක්ද නේද?

එතකොට අනිත් කට්ටිය මාර කැමතියි අපිත් එක්ක ගමන් යන්න.වටේ ඉන්න මිනිස්සු දකිනවනේ අපිට ලස්සන කළු පාට තොල් දෙකක් තියෙනවා කියලා.ඒ වගේම අවුරුද්දක් වුනත් ඒ තොල් දිහා බලන් ඉන්න ආසයි.

දුම්පානය ආරම්භයේදි වැදගත් එකක් විදිහට හම්බෙන්නේ ඒක විතරයි.හැබැයි තව අවුරුදු 20 ක් 30 ක් ගියාම මාරම මාර ලස්සන විලාසිතා වගයක් අපේ කටට හම්බෙනවා.කැමතිද ඒවා බලන්න











(මේවා අන්තර්ජාලය සැරිසැරිමෙන් ලබා ගත් ඡායාරූප වේ)

කොහොමද ලස්සනද ?

සමහර වි‍ට මේ ඡායාරූප ඇති විලාසිතා දුම්බිම නිසාම ඇති වු ඒවා නොවිය හැකියි.හැබැයි අපි බය නොවිය යුත්තේ අපි දුම් පානය කරන්නේ නම් එය අරම්භ කර අවුරුදු 30 කට පසු මෙවැනි විලාසිතා මීටත් වඩා හොදට අපි නොදැනුවත්වම හම්බවීමයි.

ඉතිං ඔබ අවු 30 සිමාව පසු කර අයෙක් හො එවැනි අයෙක් දන්නේනම් හා ඔබට හො ඔහුට තාම මේ විලාසිතා ලැබි නොමැතිනම් කලබල නොවන්න. එය ඉතාම කුඩාවට හො සමහර විට අභ්‍යන්තරයේ හැදි පසුව එලියට එන්න සිතා ගෙන ඇති.
හෝව් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේ විලාසිතාව තරමක් දුරට පෙන්න ගත් විට පෙරට වඩා පහසුවෙන් අහාර ගත හැකි අතර ,කතා කරන හැම අවස්ථාවකම අපට කට තුළින් මිහිරි වින්දනයක් ද ලැබේනවා.

අවසානයේ කොහොමත් ඔබ දුම් පානය කරන වඩා වාසනාවන්ත අයෙක් නම් හැමදාම තරුණයෙක් විදිහටම ඉදලා ජිවිතට හැර යාවි.ඉතිං මගේ පාර්ථනයනම් දුම් පානය කරන සියළු දෙනාටම දිර්ගායුෂ(අනිවාර්යයෙන්ම විලාසිතා අත්විදිමට ලැබිමට) ලැබේවා ! කියන එකයි.